විශ්ව ශක්තියත් අත්දැකීමත්  ඉසිවර වෛද්‍ය ප්‍රතිකාරත් අනුව  සිරුරට පණදෙන විස්කම

0
101

විවිධ රෝග පීඩාදියෙන් රෝගීන් මුදාගෙන පූර්ණ සුවය ලබාදිය හැකි ඉසිවර වෙද පරපුරක් මේ ලක් දෙරණේ සිටි බව අද ඇතැමුන් ඕනෑකමින්ම අමතක කරන්නට පෙලඹිලා. ඒ වෙනුවට බටහිර වෛද්‍ය ක්‍රමයේ සහාය ලබා ගන්නටත් ඇබ්බැහි වෙලා. නමුත් ඇතැම් රෝග පීඩාදිය ඉන් සම්පූර්ණ සුව වෙන්නෙත් නැහැ. ඒ නිසා බොහෝ දෙනා දේශීය වෙදකම ගැන හරිහැටි නොදැන නිකරුණේ රෝගීන් වෙලා දහදුක් විඳිනවා. කාලයක් දුක් විඳලා අවාසනාවන්ත ලෙස මියයනවා.

මිනිස් සිරුරේ අස්ථි පද්ධතිය වගේම ඒ හා බැඳුණු ස්නායු පද්ධතිය ලෙඩ රෝග පිරික්සා බැලීමේදී ඉපැරැණි වෛද්‍ය ශාස්ත්‍රයේ ප්‍රධානම දෙයක්. ඒ හා බැඳුණු වෛද්‍ය ක්‍රම හා හැදෑරීම් මෙන්ම අත්දැකීම් සමුදායක් තියෙනවා. බොහෝ වෛද්‍යවරුන් මේ දැනුවත් භාවය නැති නිසා උඩින් පල්ලෙන් රෝග නිරීක්ෂණය කර නිසි වෙදකමක් නොකොට ඇතැම් රෝගීන් අසරණ කරවනවා. ඒත් හෙළ වෙදකමේ දැනුමැති ඉසිවරුන් එහෙම කළේ නෑ.

ඔවුන් අපට දායාද කොට ගිය වෛද්‍ය ශාස්ත්‍රය හරි බලවත්.

“පඨවි බලය” කියන්නේ ලෝක ධර්මතාවයේදී වගේම රෝග නිවාරණයේදී වැදගත් මාතෘකාවක්. අප වෙසෙන ලෝකය පඨවි බලය මත රැඳී තිබෙන්නක්. පඨවිවලට අනෙකුත් ධාතූන් 4ම ඇද ගැනීමේ බලයක් තියෙනවා. ඇදගන්නා සියලු දෑම සිරස් ආකාරයෙන් ලම්බකව පිහිටා තිබිය යුතුයි. එසේ නොවුණොත් වායෝ ධාතුව ඒවා කඩා දමනවා. මිනිස් ඇටසැකිල්ලද අනෙකුත් සියලු ජීවී අජීවී ද්‍රව, ද්‍රව්‍යයන් පඨවියට ලම්බකව පිහිටා සිටිනවා.

පඨවියේ වෙසෙන්නන් හා පවතින්නන්ගේ නිමාණය අනෙකුත් වායෝ, ආපෝ, තේජෝ, ආකාශ යන ධාතූන්ගේ එක්වීමෙන් වෙනවා. ඒ තුළ අපූර්වතම විවිධ නිර්මාණයන් පිහිටා ඇත්තේ අනෙකුත් සියලු ධාතූන් පඨවිය විසින් ඇදගනු ලබන නිසයි.

පඨවියේ බලය පෘථිවියෙන් අෑත්වන්නට වන්නට අඩුවී ගොස් වෙනත් ධාතූන්ගේ බලයන්ට සම්බන්ධ වෙනවා. යම් හෙයකින් අනෙක් ධාතූන් ඉවත් වන්නේ නම් පඨවියට අයත් කොටස් හැරදමා යා යුතුයි. ඒ නිසා මරණයේදී පඨවි කොටස් ඉතිරිකර තබා පළමුවෙන් වායුව ඉවත් වන බව පෙනෙනවා. ඇට ධාතුව පමණක් පඨවියට අයත් වන නිසා වැඩි කලක් නොදිරා පවතින්න පුළුවන්.

මිනිස් සිරුරේ ඇට ධාතුව ගැන නිවැරැදි අවබෝධයක් නොතිබුණොත් අතක් පයක් ඇද වූ, අස්ථි බිඳුණු, ඔත්පළවූ ආදී වශයෙන් වූ විවිධ රෝගාබාධවලට ප්‍රතිකාර කිරීමට අදාළ වෛද්‍යවරයාට බැරි වෙනවා. අකර්මණ්‍ය වූ, ස්නායු වැඩ නොකරන අංශභාගයකදී අප මේ විශ්වීය දැනුම හරහා ආධ්‍යාත්මික ශක්තියත් එකතු කරලා සිරුරේ තැන තැන හොඳින් පිරික්සනවා. එය පුරාණ ඉසිවර වෛද්‍යවරුන් අනුදැන වදාළ ප්‍රතිකර්ම විධියයි.

පංච පරීක්ෂා පොතේ තැනක තියෙනවා “රොගක්‍රාන්ත ශරීරශ්‍ය ස්ථානා නිස්ථවූ නිරීක්ෂයෙත් – නාඩි මුත්‍ර මලං ජිඹාස්වරං ශබ්ද ස්වරූපද්‍රික්” කියලා. එහි අරුත තමයි… “රෝගයකට පත් ශරීරයේ නාඩිය, මුත්‍රය, මලය, දිවය, ශබ්දය, ස්වරූපය යන පරීක්ෂාවෙන් නිරීක්ෂණය කර දකින්නේය” යනුවෙන්.

රෝගියාගේ කුමන අංශය පණ නැති වුණත් අපට ශරීරයට අත් තැබූ සැණින් දැනෙනවා එහි සියලු රෝග පීඩාදිය මොනවගේද කියලා. ඒ තමයි රෝග පිරික්සාවේදී අත්දැකීමෙන්ම, ආධ්‍යාත්මිකව, විද්‍යාත්මකව ප්‍රායෝගිකව අප ලබාගත් දැනුම. නාඩි ගමනයත්, ස්නායුවල තත්ත්වයත්, එය නිවැරැදිව පණ ගන්වන්නේ කොහොමද කියලත් දැනෙනවා.

විශ්ව ශක්තියත් මීට බලපානවා. ඒ අනුව තමයි යහපත්, උතුම් සිතිවිල්ලෙන්, බුද්ධදාස වෙද රජ පරපුරේ උත්තම වෛද්‍යවරු වැඩ කළේ. දැනුම අපට ලබාදී ගියේ. එනිසා විශ්වාසයෙන් යුතුව මේ ලක්පොළොවේ තවමත් ඉතිරිව ඇති හෙළ වෙද ශාස්ත්‍රයේ මහිමයෙන් පණ නැතිව ඇඳට වැටී, ඇකිළී ඔත්පළව සිටින ඕනෑම තත්ත්වයක රෝගියකුට ඉක්මනින් පණ දී නැඟිටුවන්න හැකි වන්නේ.

සුලක්ඛන ජයවර්ධන

වෛද්‍යාචාර්ය,

ජයන්ත බණ්ඩාර

අංකුඹුර,

රාමකොටුව

072-4464957

071-6080849