ජූලි මාසයෙන් පසු රට අඳුරෙන් අඳුරට

0
475

කුම්භ ලග්න හිමි ලංකා කේන්දරය 2020-4-21 වැනි දින සිට 2022-09-05 වැනි දින දක්වා රාහු මහ දශාවේ ගුරු අතුරු දශාවත් 2022-09-05 වැනි දින සිට 2025-07-11 වැනි දින දක්වා රාහු මහ දශාවේ සෙනසුරු අතුරු දශාවත් ගෙවා දමයි. එසේම 2022-07-06 වැනි දිනෙන් පසුව සෙනසුරු ලග්නයෙන් ‍ෙදාළොස්වැන්න වූ මකරයට පිවිසෙයි. රාහු තුන්වැන්නේ ගමන් කරයි. මේ කරුණු මත පදනම්ව විමසූ විට අඳුරුතම කාල පරිච්ඡේදයක් ජූලි මාසයෙන් පසු උදාවෙයි. උගත් නූගත් භේදයකින් තොරව සෑම සිතකම අසහනයත් අදූරදර්ශී බවත් රජකරනු ඇත.

ජීවිතයක වටිනාකම පහත වැටී ලේ වැගිරීම් මතින් සතුට දකින සමාජයක් බිහිවනු ඇත. සෘජු විදෙස් මැදිහත් වීම්ද අවස්ථාවාදීන්ගේ අතපෙවීම්ද කරණ කොට සමාජය නොමඟ යයි. අපරාධ බහුල වෙයි. මහජන සේවා බිඳ වැටෙයි. රෝහල් පද්ධතිය පිරිහෙයි. මැරවරකම් ඉහළ යයි. ප්‍රයෝග ක්‍රියා බහුල වෙයි. පිපිරීම්, සේවක වැඩවැරීම් වැඩි වෙයි. තැපැල් හා සන්නිවේදන ජාලා බිඳවැටෙයි. මංකොල්ල කෑම්, සොරකම් ආදියට සංවිධානාත්මක කල්ලි බිහිවෙයි. ආයුධවලින් කැපුම් කෙටුම් බහුල කරයි.

2022-05-18න් පසුව රට තුළ සාගත තත්ත්වයක් නිර්මාණය වන ග්‍රහ තත්වයක් වෙයි. සර්වපාක්ෂික ආණ්ඩුව ඔළුගෙඩි මාරුවක් පමණක්ම වෙයි. 2022-05-16 සිදු වූ චන්ද්‍රග්‍රහණය කරණ කොට ගෙන තවදුරටත් ප්‍රසිද්ධව හා අප්‍රසිද්ධව මහජන ඒකරාශි වීම්, කැරලිකෝලහාල වැඩිවෙයි. රටේ නයකයා ධුරයෙන් ඉල්ලා අස්වෙයි. තවදුරටත් ඉහළ පෙළේ නායකයන්ගේ මරණ, සිරගතවීම් සිදුවෙයි.

නව උණ රෝගයක් පැතිර යයි. උසස් පුද්ගලයකුගේ මරණය සිදුවෙයි. නිසි ප්‍රතිපත්තියක්, දැක්මක් නොමැතිකමින් ආණ්ඩුවේ මෙන්ම ජන අරගලයේත් සියලු ප්‍රයත්නයන් මේ වසර තුළ දියාරු වී යයි. 2022 වර්ෂය අප රට ලෙයින්, කඳුළින්, සාගින්නෙන් තැවෙනු දැවෙනු ඇත. උදාවී ඇත්තේ, සැම දෙනාගේ සිත්සතන්හී බුද්ධිය යටපත් වන මෝහය සහ වෛරය ඉස්මතු වන කාලයකි. මේ සොබාදහමේ නියමය තේරුම් ගෙන තම තමන් සිත දමනය කොට ගනිත්වා!

සොබාදහම් විද්‍යා ගවේෂක,

දර්ශනපති උපුල් ‍ෙදාඹේපොල,

බළන්ගොඩ

071-9497975