අද්භූත ඉන්ද්‍රජාලිකයා සඟවන රහස කුමක්ද?

0
711

Do you believe in magic ඔයා මැජික් විශ්වාස කරනවාද? මැජික් ගැන විශ්වාස කරන හෝ නොකරන හැම කෙනෙක්ටම බලන්න පුළුවන් විධියෙ හරිම සුන්දර Drama එකක් ගැන විස්තර කියන්නයි ඔන්න අද ලෑස්ති වෙන්නෙ.

Dramaඑකේ නම ‘The Sound of Magic’ මේක මහා ගොඩක් සංකීර්ණ නොවන හරි සරල නතධබ එකක් දිගේ දුවන ලස්සන Korean Drama එකක් විධියට හඳුන්වලා දෙන්න මම කැමැතියි. විශේෂයෙන්ම කියන්න ඕනෙ කතාව සරල වුණාට කතාව ඇතුළෙ අපිට හිතන්න බලන්න තිබෙන අන්තර්ගතය සරල නෑ. නැවතිල්ලේ පැත්තකට වෙලා ඉඳගෙන හිතන්න, කල්පනා කරලා බලන්න පුළුවන් කතා ගොඩක්.

මේ ‘The Sound of Magic’ Drama එක ඇතුළෙ තිබෙනවා. අපි ගොඩක් දෙනෙක් අපේ පුංචි කාලයේදි මැජික් විශ්වාස කරනවා. සරලවම අපි නත්තල් කාලෙට ගොඩක් දෙනා බලන් ඉන්නවා නත්තල් සීයා වලාකුළු අතරෙන් එයාගෙ කරත්තෙ පිණිමුවන්ව ගැටගහගෙන එනකම්. ඒ ඇවිල්ලා තෑග්ගක් තබලා යනකම්. ඒක මැජික් එකක්. පොඩි කාලෙ ගොඩක් වෙලාවට අපි විශ්වාස කරපු මැජික් එකක් ඒ වගේමයි. පොඩි කාලෙ අපි හරි කැමතියි පොඩි පොඩි මැජික් tricks ඉගෙනගන්න.

මැජික් පෙන්නන කෙනෙක් දැක්කොත් ආයෙ ඉතිං ඊට වැඩිය දෙයක් ඕන නෑනේ. ඒ දැකලා අපිත් ගොඩක් වෙලාවට කල්පනා කරනවා ලොකු වෙලා මැජික් ශිල්පියෙක් වෙනවා කියලා. හැබැයි අපි වයසින් මුහුකුරා යනකොට අපේ ඒ ආශාවන් හුඟක් වෙලාවට වෙනස් වෙනවා. අපි දැනගන්නවා මැජික් කියන්නෙ ඇස්බැන්දුමක් කියලා. මැජික් කියලා කියන්නෙ ඇත්තම ඇත්තක් නෙවෙයි කියලා හිතාගෙන අපි අපේ ලෝකෙන් මැජික් අතෑරලා දානවා. මැජික්වලට වැඩි වගකීම් එක්ක අපිට ජීවත්වෙන්න සිද්ධවෙනවා. හොඳට හිතලා බැලුවොත් ඕක මට වගේම ඔයාටත් වෙලා ඇති.

‘The Sound of Magic’ හි Cast එක ගැන අනිවාර්යයෙන්ම මතක් කරන්න ඕනෙ. මොකද මේ Drama එකේ Magician එහෙම නැත්නම් මං කලින් සඳහන් කරපු දක්ෂ ඉන්ද්‍රජාලිකයාගෙ චරිතයට පණ පොවන්නෙ. ලංකාවෙ ඉන්න Korean Dramaවලට පිස්සු වැටුණු ගොඩක් ගෑනු ළමයින්ගෙ සිහින කුමාරයෙක් වන අපේ Wookie නමින්ම කියනවනම් Ji Chang Wook ගොඩක් වෙලාවට ක්‍රියාදාම චිත්‍රපටවලින් අපිට දකින්න ලැබුණු Wookie මේ කතාව ඇතුළෙ රඟ දක්වන්නෙ වෙනස්ම විධියෙ රංගනයක් වීම ලොකු විශේෂත්වයක්. Ji Chang Wook කියන්නෙ කොරියාවෙ ඉන්න රංගන ශිල්පීන් අතරින් තමන්ගෙ රංගනය සඳහා වැඩිම මුදලක් අය කරන දක්ෂ රංගන ශිල්පියෙක්. ඉතින් ඒ දක්ෂතාව ගැන කිසිම argue කිරීමක් නැතුව කතා කරන්න පුළුවන්. character එකක් තමයි මේ Ri – Eul කියන magicianගෙ character එක. . Healer The K2 Backstreet Rookie වගේ Dramas බලලා තිබෙන අයටනම් Ji Chang Wook කියන්නෙ අලුත් කෙනෙක් නෙවෙයි.

ඒ වගේමයි මේ Drama එකේ Yoon Ah – Yi ට පණ පොවන්නෙ Choi Sung – Eun 2020 Release වුණු SF8 Drama එකෙන් කරළියට ආපු Sung – Eun මේ Drama එකෙත් ඉතාම දක්ෂ ලෙස තමන්ගෙ භූමිකාව රඟ දක්වනවා. මේ දෙන්නගෙන් පස්සෙ කතාවෙ ඉන්න ප්‍රධාන චරිතය තමයි Na ll – Deung කියන්නෙ. මේ චරිතයට රංගන දායකත්වය ලබාදෙන්නෙත් කොරියානු නව පරපුරේ ඉන්න දක්ෂ නළුවෙක් වන Hwang In – Youp True Beauty Drama එක බලපු කෙනෙක් නම් Hwang In ගැන නොදැන ඉන්න විධියක් නෑ. මොකද Hwnagගෙ හැරවුම් ලක්ෂ්‍යය වුණේ, ‘True Beauty’ ඉතිං මේ වගේ දක්ෂ නළු නිළියන් පිරිවරාගෙන තමයි ‘The Sound of Magic’ නිර්මාණය වෙලා තිබෙන්නෙ.

මේ Drama එකේ ඉන්න Ah – Yi කියන්නෙ තමන්ගෙ වයසට වැඩිය වගකීම් රාශියක් දරන්න සිද්ධ වුණු ගැහැනු ළමයෙක් Ah – Yiට ඉන්නවා. ඇයට වඩා වයසින් කුඩා නැඟණියක්. අම්මා ජීවතුන් අතර නැති, ව්‍යාපාරය බංකොලොත් වීමෙන් පැනගිය තාත්තාත් අහිමි Ah – Yi තමන්ගෙ නැගණිය වෙනුවෙන් මවුපියන්ගෙ භූමිකාවද රඟ දක්වනවා. ඇයට පුංචි කාලෙ ඉඳන් ඕන වෙන්නෙ හුඟක් ඉක්මනින් ලොකු වෙලා.

Magician කෙනෙක් වෙන්න. නමුත් ජීවිතේ මුහුණ දෙන්න වෙන කරදර බාධක එක්ක Ah – Yi එයාගෙ. ඒ හීනෙට සමුදෙනවා වයසින් වැඩෙද්දි එයා Magic කියන දේ විශ්වාස කරන එක අතහරිනවා. මොකද ඒ වෙද්දි ථචඨඪජවලට වඩා එයාගෙ, අවුරුදු 17ක ජීවිතය සංකීර්ණයි. මේ අතරෙ Ah – Yiට මුණගැහෙනවා Ri – Eul කියන ඉන්ද්‍රජාලිකයා. ඔවුන් ජීවත්වෙන නගරයේ නගරවැසියන්ට මේ ඉන්ද්‍රජාලිකයා ගැන තිබෙන්නෙ ඒකාකාකාර කටකතා විතරයි.  ඔහු පෙනුමින් කඩවසම් මුත් මනස විකෘති වූ අයකු ලෙස නගරවැසියන් හඳුන්වනවා. ඇත්තටම කතාව ආරම්භයේ ඉඳන්ම මේ අද්භූත ඉන්ද්‍රජාලිකයා යම්කිසි අභිරහසක් මේ කතාවට එකතු කරනවා. Drama එක පුරාවටම Do You believe in magic කියන වාක්‍යය අපිට අසන්න ලැබෙනවා. ඒකාකෘතික ඉන්ද්‍රජාලිකයකුගේ ඇඳුමින් සැරසී මැජික් තොප්පියක් පැලැඳ සිටින Ri – Eul හැමවිටම ඒ ප්‍රශ්නය යොමු කරනවා දැකගන්න පුළුවන්.

ඒ හැමවිටකම ඔහුව හාස්‍යයට හා උපහාසයට ලක්වනවා හැර පැහැදිලි සහනදායි පිළිතුරක්. මේ ඉන්ද්‍රජාලිකයාට ලැබෙන්නේ නැහැ. තව පැත්තකින් Ah – Yiගෙම පාසලේ ඇයගේම පන්තියේ ඉගෙනුම ලබන ll – Deungගෙ ජීවිතයෙත් අඳුර Drama එක පුරා පෙන්නුම් කරනවා. තමන් අකැමැති ජීවිතයක් තමන් අකැමැති වෘත්තීයක් තෝරගන්න කියලා පවුලෙන් කරන බලපෑම් එක්ක ll – Deung ගෙ ජීවිතයත් ගලාගෙන යනවා. මේ සිසුන් දෙදෙනාව තමන් ජීවිතයේ පෙළෙන අධික ආතතියෙන් මිදීමට සැනසීම හොයන විට ඔවුන්ගේ ඒ මාර්ගයත් Ri – Eulගේ මාර්ගයත් සමඟ ඒකාබද්ධ වෙනවා. මේ විධියට ‘The Sound of Magic’ ගලාගෙන යනවා. ඔවුන් ඔවුන්ගේ මාර්ගය සොයාගන්නා තෙක්ම මේ කතාව ගලාගෙන යනවා.

‘The Sound of Magic’ ච්පචථච එක නිර්මාණය වෙලා තිබෙන්නෙ ‘Annara Sumanara’ කියන Webtoon එක පාදක කරගෙන, අන්නාරා සුමනාරා කියලා කියන්නෙ කොරියානු භාෂාවෙන් ‘Abracadabra’ කියන වචනයට සමාන වචනයක් අපි හැමෝම වගේ දන්නවා. Abracadabra කියන්නෙ මැජික් performanceවලදී හැමවෙලේම වගේ පාවිච්චි කරන වචනයක් මේ.

Webtoon එක ලියවිලා තිබෙන්නෙ Ha il – Kwon අතින් Drama එකක් විධියට වැඩකටයුතු පටන් ගන්න හිතුවට පස්සෙ මේ webtoon නවකතාව Kim min – Jeong අතින් නැවත සැකසිලා තිබෙනවා. මෙහි අධ්‍යක්ෂණය Kim seong – Yoon විසින් Music කරලා තිබෙන්නෙ Park seong – il Musical Romance සහ Fantasy Drama එකක් වෙන මේ Drama එක Release වෙලා තිබෙන්නෙ මේ මාසෙම. ඒ කියන්නෙ 2022 මැයි මාසෙ 6 වැනිදා මේ වෙද්දි හිතපු තරමටත් වඩා ප්‍රේක්ෂකයන් විසින් Drama එක පිළිඅරගෙන තියෙනවා කියලා තමයි Drama crew එක ඉතාම සතුටින් පවසන්නෙ.

මේක Ji chang Wookගෙ අනිත් Drama වගේ Episodes ගොඩකින් සමන්විත වෙන්නෙ නෑ. මෙය කොටස් 6කින් සමන්විත කෙටි නාට්‍යයක්. ඒ වුණාට Drama එක ඉක්මනින් අවසන් වෙනවා කියලා බලාපොරොත්තුව නැතිකරගන්න එපා “The Sound of Magic” දෙවැනි කොටසකුත් නුදුරේදීම අපිට බලාගන්න පුළුවන් වෙයි කියලා තමයි මේ දවස්වල කොරියානු මාධ්‍ය නම් වාර්තා කරන්නෙ. ඔන්න ඉතින් ඒ වෙනකනුත් ඉවසගෙන ඉන්න තමයි තිබෙන්නෙ.

හිරූ ෆර්නෑන්ඩෝ