ගාලු මුවදොර ප්‍රහාරය සම්බන්ධ ප්‍රකාශය ගැනීමට CIDය මහින්දගේ ගෙදරට ගිහින්

0
222

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

mawbima.lk කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා මේ බව සඳහන් කළේ ය.

පසුගිය මැයි 9 වන දා කොල්ලුපිටිය අරලියගහ මන්දිරය අසලදී සහ ගාලු මුවදොර පිටියේ ඇති වූ ප්‍රචණ්ඩකාරී සිද්ධි සම්බන්ධයෙන් පෙරේදා (මැයි 24) හිටපු අගමැතිවරයාගෙන් ප්‍රකාශයක් ලබා ගෙන ඇති බව ඔහු සඳහන් කළේ ය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ, හිටපු අග්‍රාමාත්‍යවරයාගේ නිවසට ගොස් පැය 5කට ආසන්න කාලයක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගෙන ඇති බව ය.