ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ ශ්රී ලංකාව වෙනුවෙන් විශිෂ්ට ඉනිමක් ක්රීඩා කරමින් ඇන්ජලෝ මැතිව්ස් අද ශතකයක් රැස් කළේ ය.
ඒ, පන්දු 274කට මුහුණ දෙමිනි.
ඊට 4 පහර 6ක් පමණක් ඇතුළත් වූ අතර 6 පහර 2ක් ඇතුළත් විය.
ඇන්ජලෝ මැතිව්ස් පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිමේදී ද ලකුණු 199ක් රැස් කළේ ය.
ශ්රී ලංකා කණ්ඩායම මේ වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5ක් දැවී ලකුණු 399ක් ලබා සිටී.
ඒ, බංග්ලාදේශය රැස් කළ ලකුණු 365ට පිළිතුරු වශයෙනි.