CID පැමිණි ජොනී අත්අඩංගුවට ගන්නැයි බල කළ විරෝධතාකරුවෝ මාර්ග බාධක ත් පෙරළති

1
350

හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට අද (මැයි 24) විරෝධතාවක් පැවැත්විණි.

අප වාර්තාකරු සඳහන් කළේ, ගාලු මුවදොර අරගලකරුවන් පිරිසක් සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ සිසුන් පිරිසක් ඊට එක්ව සිටි බව ය.

මැයි 9 වන දා ගාලු මුවදොර අරගලකරුවන්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු අද පෙරවරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබුණු අතර පැය 5කට අධික කාලයක් ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව ඔහු ඉන් පිටව ගොස් තිබිණි.

අප වාර්තාකරු වැඩිදුරට ත් සඳහන් කළේ, එම කාලය තුළ අදාළ විරෝධතාව පැවති බව ත් අනතුරුව එම පිරිස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපිට ස්ථාපනය කර තිබූ මාර්ග බාධක පෙරළා දමා එම ස්ථානයේ පිටත්ව ගිය බව ත් ය.

  • ඡායාරූප: අමිත තෙන්නකෝන්

1 COMMENT

Comments are closed.