ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන දෙවන ටෙස්ට් තරගයේ දෙවන දිනය අවසානයේදී ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 2ක් දැවී ලකුණු 143ක් රැස් කර සිටියේ ය.
නායක දිමුත් කරුණාරත්න නොදැවී ලකුණු 70ක් ලබා සිටි අතර ඕෂධ ප්‍රනාන්දු ලකුණු 57ක් රැස් කළේ ය.
පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 365ක් රැස් කර තිබිණි.
මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 175ක් රැස් කළ අතර ලිටන් දාස් රැස් කළ ලකුණු සංඛ්‍යාව 141කි.
පන්දු යැවීමේදී කසුන් රාජිත කඩුලු 5ක් සහ අසිත ප්‍රනාන්දු කඩුලු 4ක් දවා ගත්හ.
ශ්‍රී ලංකාව තවමත් සිටින්නේ, ලකුණු 222ක් පසුපසිනි.