නවසීලන්ත හිටපු නායකයා ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමට එක්වෙයි

0
437

නවසීලන්තයේ හිටපු නායක ඩැනියල් විටෝරි ඔස්ට්‍රේලියා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සහය පුහුණුකරු ලෙස නම් කර තිබේ.

ඒ අනුව, 43 හැවිරිදි විටෝරි ඔස්ට්‍රේලියා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ඇන්ඩෲ මැක්ඩොනල්ඩ්ට සහය වනු ඇත.

තුන් ඉරියව්වෙන් ම දක්ෂතා දැක්වූ ක්‍රීඩකයෙකු වූ ඩැනියල් විටෝරි ටෙස්ට් තරග 113කදී ලකුණු 4531ක් රැස් කර ඇති අතර කඩුලු 362ක් බිඳ හෙළා තිබේ.

ඊට අමතරව, එක්දින තරග 295කට ක්‍රීඩා කරමින් ලකුණු 2253ක් රැස් කළ විටෝරි කඩුලු 305ක් බිඳ හෙළා ඇත.

ඔහු නවසීලන්තය වෙනුවෙන් වසර 18කට අධික කාලයක් ක්‍රිකට් ක්‍රීඩා කළ අතර කණ්ඩායමේ නායකත්වය ද දැරීය.