දෙවන ටෙස්ට් තරගය අතරතුර කුසල් මෙන්ඩිස් හදිසියේ පපුව අල්ලාගෙන පිටියෙන් ගියේ ඇයි?

0
375

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක කුසල් මෙන්ඩිස් බංග්ලාදේශය සමග පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගය අතරතුර ඇති වූ හදිසි රෝගී තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගත කර තිබේ.

ඔහු සිය හෘදය ප්‍රදේශය යම් වේදනාවකින් යුතුව අල්ලාගෙන පිටියෙන් ඉවතට යන ආකාරය දක්නට ලැබිණි.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, හෘදය ආශ්‍රිතව ඇති වූ වේදනාවක් සම්බන්ධයෙන් පරීක්ෂා කිරීමට ඔහු ඩකා නුවර රෝහලකට ඇතුළත් කළ බව ය.

කුසල් මෙන්ඩිස් මෙම සිද්ධියට මුහුණ දුන්නේ, දෙවන ටෙස්ට් තරගයේ ආරම්භක දිනය වූ අද දිවා ආහාරය වෙනුවෙන් තරගය නතර කිරීමට සුළු මොහොතකට පෙර 23 වන පන්දු වාරයේදී ය.