කඩුලු 5කට ලකුණු 24ක් ලබා සිටි බංග්ලාදේශය දිනය අවසානයේ කඩුලු 5කට ලකුණු 277ක් ලැබූ හැටි

0
338

ලකුණු 24ට කඩුලු 5ක් බිඳ වැටී අසරණ තත්ත්වයක සිටි බංග්ලාදේශ කණ්ඩායම යළි ගොඩ ගැනීමට මුෂ්ෆිකර් රහීම් සහ ලිටන් දාස් දැවැන්ත මෙහෙවරක නිරත වූහ.‍‍

ඔවුන් දෙදෙනා වාර්තා කළ ශතක දෙක ත් සමග දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේ ආරම්භක දිනය අද අවසන් වන විට බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 5ක් දැවී ලකුණු 277ක් ලෙස ප්‍රබල ස්ථානයක පසු විය.

එහිදී, මුෂ්ෆිකර් රහීම් නොදැවී ලකුණු 115ක් සහ ලිටන් දාස් නොදැවී ලකුණු 135ක් රැස් කර සිටියහ.

බංග්ලාදේශ මුල් පෙළ පිතිකරුවන් වූ මහ්මුදුල් හසන්, තමීම් ඉල්බාල් සහ ෂකිබ් අල් හසන් යන තිදෙනා ම ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට ශ්‍රී ලංකා පන්දු යවන්නෝ සමත් වූහ.