“සජිත් අගමැතිකම ගෝඨා අතින් ගන්න ගිය එක හොඳ නම්; මම ඇමතිකම ගත්ත එක වැරදි ද?: බොළඳ තර්ක එපා” – හරින්

1
265

රට නැවතත් ස්ථාවර කිරීම සහ රටේ දරුවන්ගේ අනාගතය වෙනුවෙන් තමන් වත්මන් දේශපාලන ගමනට පැමිණි බව සංචාරක සහ ඉඩම් අමාත්‍ය හරීන් ප්‍රාන්නදු මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, සිය අමාත්‍ය ධූරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

“අපි කටින් බතල හිටවන්නේ නැතුව අපි ගේමට ඇවිල්ලා රට ගොඩ ගන්න උත්සහ කරනවා. මේක තනතුරක් නෙවෙයි ඔටුන්නක් නෙවෙයි කටු ඔටුන්නක්. මේක සුයිසයිඩ් මිෂන් එකක්. අපි දේශපාලනය කරපු පක්ෂ සියලු දේ අමතක කරලා බැනුම් අහගෙන මිනිසුන්ගෙන් චෝදනා අහගෙන. කටු කන්න ගියා ද වගේ කතා අහගෙන රටේ ස්ථාවරත්වය වෙනුවෙන් කරපු ගමනක්.”

එමෙන් ම ඔහු සඳහන් කළේ, අද (මැයි 23) දිනයේදී අමාත්‍ය මණ්ඩලයට 21 වන ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කිරීමට නියමිත බව ය.

21 වන සංශෝධනය අද ඉදිරිපත් නොකළහොත් ආණ්ඩුවෙන් ඉවත් වන ස්ථාවරයේ තවමත් සිටින බව අමාත්‍යවරයා මෙහිදී පැවසීය.

මෙහිදී මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට හරීන් ප්‍රනාන්දු මහතා මෙසේ පිළිතුරු ලබා දුන්නේ ය.

ප්‍රශ්නය – ස්වාධීන වෙන පවසා නැවත වතාවක් සජබයේ ගොස් වාඩි වුණා නේ.

පිළිතුර – මම තාම සජබයේ.

ප්‍රශ්නය – ජනාධිපතිවරයා ඉදිරියේ අමාත්‍යධූරය භාරගන්නවා. ඔබතුමා විහිළුසහගත කතාවක් කියනවා. පසුව ඒ කතාව ඔප්පු වෙනවා. ඔබතුමා හැන්සම් ඇමතිවරයෙක්. ඔබතුමාට වපරයක් එහෙම තියෙනවා ද?

පිළිතුරු – ඇයි ඒ පෙනුන්නැති එකට ද?

ප්‍රශ්නය – ජනාධිපතිවරයාගේ මුහුණවත් බැලුවේ නැහැ කියලා කතාවක් කිව්ව හින්දා ඇහුවේ?

පිළිතුර – මම කිව්වා පැහැදිලිව ම මට හිරිකිතයක් තියෙනවා කියලා. ඒක තාම මට තියෙනවා. ඒ පුද්ගලයාට නෙමෙයි. ජනාධිපති කියන තනතුරට යි ගරු කරන්න ඕනේ. හැබැයි මම දැක්කා සජබයේ සමහර මන්ත්‍රීවරු අහනවා කොහොම ද රෙද්දක් ඇඳන් ගිහින් ජනාධිපතිගෙන් ඇමතිකම භාර ගත්තේ අහනවා. පැහැදිලිව කියන්නේ සජිත් ප්‍රේමදාස මහත්තයා ත් අගමැතිකම ගන්නම් කිව්වා. ජනාධිපතිට ලිපියක් ලිව්වා අගමැතිකම ගන්නවා කියලා එතකොට සජිත් ප්‍රේමදාස මහත්තයා අගමැතිකම ගන්නේ කාගෙන් ද? මගෙන් ද? නෑනේ. එතුමාට ගන්න වෙන්නෙ ත් ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගෙන්. බොළඳ තර්ක නේ මේ රටේ ප්‍රශ්නය ගැන හිතමු. මගේ හෘදසාක්ෂියට ඒක විරුද්ධ යි. ඒත් මම මේ වෙලාවේ ගත්තේ, නිර්පාක්ෂික ආණ්ඩුවකට මගේ පක්ෂයෙන් ස්වාධීන වෙලා. මගේ පක්ෂයෙන් විනය පියවර අරගෙන ඒ වගේ තියෙන මොහොතක ගත්ත තීරණයක්. ඒක ගැන ආඩම්බර වෙනවා.

1 COMMENT

Comments are closed.