වනිඳුලාගේ බැංග්ලෝර් පිල අවසන් පූර්ව වටයට පනියි

0
38

ප්‍රසාද ලකුණු සටහනේ අවසන් ස්ථානයේ පසුවන මුම්බායි ඉන්දියන්ස් පිල හමුවේ කඩුලු 5ක පරාජයක් වැලඳ ගත් දිල්ලි කැපිටල්ස් පිල අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට යෑමේ අවස්ථාව අහිමි කර ගත්තේය.

ඒ අනුව මුම්බායි ඉන්දියන්ස් සමඟ පැවැති තරගය දිල්ලි කැපිටල්ස් පිලට ජය ගැනීමට හැකි වූවා නම් වනිඳු හසරංග නියෝජනය කරන රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් පිලට මෙවර අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පිවිසීමේ අවස්ථාව අහිමිවීමට ඉඩ තිබිණි.

කෙසේ වෙතත් තරගයේ පළමුවෙන්ම ලකුණු රැස්කළ දිල්ලි කැපිටල්ස් පිල කඩුලු 7කට ලැබූ ලකුණු 159ට පිළිතුරු සැපයූ මුම්බායි පිල කඩුලු 5ක් පමණක් අහිමි කර ගනිමින් නියමිත ඉලක්කය පසුකර ගියේය.

මේ අතර මෙවර අයි.පී.එල්. ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයේ තරග එළැඹෙන 24දා ඇරැඹෙයි. එහිදී ප්‍රසාද ලකුණු සටහනේ ඉදිරියෙන්ම සිටින කණ්ඩායම් දෙක වන ගුජරාට් ටයිටන්ස් සහ රාජස්තාන් රෝයල්ස් තරග වදින අතර, එහිදී ජයගන්නා කණ්ඩායම අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට නියමිතය.  පරාජය වන කණ්ඩායම රෝයල්ස් චැලෙන්ජර්ස් බැංග්ලෝර් හා ලක්නව් සුපර් ජයන්ට්ස් අතර 25දා පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම සමඟින් තරග වැදීමට නියමිතව ඇත.

ලකුණු සාරාංශය

දිල්ලි කැපිටල්ස් – 159/7 (රොව්මන් පවෙල් 43, රිෂ්බා පාන්ට් 39, බුම්රා 3/25), මුම්බායි ඉන්දියන්ස් – 160/5 (ඉෂන්

ක්‍රිෂන් 48, ඩිවල්ඩ් බි්‍රවිස් 37, ටිම් ඩාවිඩ් 34)