මුලු ඇඟම  එක පාටින් බබලවන Body Polishing Treatment

0
92

ඔබත් ඔබගේ බාහිර ලස්සන සහ සුන්දරත්වය පිළිබඳව සැලකිලිමත් වන තරුණියක්ද? එසේත් නැතිනම් ලහි ලහියේ තම විවාහයට සූදානම් වන තරුණියක්ද? එසේ නම් ඔබගේ සිරුරේ පැහැය පිළිබඳව වැඩි සැලකිල්ලක් දැක්වීම ඉතාම වැදගත්.

ඒ සඳහා සුදුසුම සත්කාරයක් වන්නේ “Body polishing treatment”ය. මෙවර මව්බිම “Her” අතිරේකය වෙන් වන්නේ ඒ ආකාරයෙන් සිරුරට ඉක්මනින් පැහැපත් බවක්, තරුණ බවක් ලබා ගැනීමට නිවෙසේදීම සිදුකළ හැකි “Body polishing treatment කිහිපයක් වෙනුවෙනි. මෙම සත්කාරයන් අවම වශයෙන් විවාහයට මාස 3කට පෙර සිට හෝ නොකඩවා සිදු කිරීම තුළ ඔබගේ මංගල දිනයේදී දිදුලන පැහැපත් සමකට හිමිකම් කීමේ අවස්ථාව ලැබේවි.

“Body Polishing Body Pack

අවශ්‍ය දේවල්

 පළමුව පහත ද්‍රව්‍ය ටික  සකසා ගත  යුතුය.

 – වැල්මී කුඩු තේ හැඳි

        2ක් පමණ

 – කස්තුරි කහ – සම

        ප්‍රමාණයන්ගෙන් ගන්න

 – සුදු හඳුන් කුඩු –

 – ඕට්ස් පවුඩර්

ඉහත ද්‍රව්‍යවලට අමතරව මෙම ද්‍රව්‍යද අවශ්‍ය වේ.

 – විටමින් E කරලක්

 – නැවුම් කිරි තේ හැඳි 2ක්

 – කඩල පිටි තේ හැඳි 2ක්

 – යෝගට් කප් එකක්

 – ඔලිව් තෙල් තේ හැඳි 1ක්

සාදා ගන්නා ආකාරය

ශරීරයේ ආලේප කිරීමට අවශ්‍ය වෙලාවට පළමුව සඳහන් කළ වැල් මී, කස්තුරි කහ, සුදු හඳුන්, ඕට්ස් පවුඩර් යන ද්‍රව්‍යවලින් තේ හැඳි 2ක ප්‍රමාණය බැගින් සම සමව ගන්න. මෙයට දෙවැනිව සඳහන් කළ ද්‍රව්‍ය සියල්ලද එක් කොට හොඳින් කලවම් කරගන්න.

භාවිත කරන ආකාරය

පළමුව ශරීරය හොඳින් ක්ලෙන්සර් කොට සම පිරිසුදු කරගන්න. ඉන්පසුව සුදුසු බුරුසුවක් ආධාරයෙන් සාදාගත් පැක් එක විශේෂයෙන් සිරුරේ අඳුරු ප්‍රදේශවල සහ දෑත් දෙපාවලද ආලේප කරන්න. ඊට අමතරව උදරය ප්‍රදේශය  සහ පිට ප්‍රදේශයේ වුවද මෙය ආලේප කළ හැකියි. විනාඩි 20ක් තබා වේළුණු පසුව නැවත ජලය ස්වල්පයක් මඟින් තෙත් කරගන්න. ඉන් අනතුරුව ඇඟිලි තුඩු ආධාරයෙන් ස්ක්‍රබ් කරන්න. අවසානයට පිරිසුදු ජලයෙන් සෝදා ඉවත් කරන්න. මෙම සත්කාරය සති දෙකකට වතාවක් හෝ සිදුකළ හැකි නම් වඩාත්ම සුදුසුයි.

Skin Lightening Ubtan Bridal Body Pack

අවශ්‍ය ද්‍රව්‍ය

මේ සඳහා පළමුවෙන්ම Milk Cream එකක් සාදා ගත යුතුය. එයට අවශ්‍ය ද්‍රව්‍ය දැන් අපි බලමු.

 – මීකිරි යෝගට් කප්

        එකකින් 1ක්

 –   රෝස වතුර –

        තේ හැඳි 1ක්

 – කස්තුර කහ

        තේ හැඳි 1ක්

 – මෙය තරමක් ඝන

        දියරයක් ආකාරයට  සාදා ගත යුතුය.

මෙම මිශ්‍රණයට කඩල පිටි තේ හැඳි 2ක් එකතු කරන්න. මේ සියල්ල නැවත හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

පළමුව ක්ලෙන්සර් කොට පිරිසුදු කරගත් සිරුර ස්ක්‍රබ්

කරගත යුතුය. ඉන් අනතුරුව මෙම pack එක ආලේප

කරගත යුතුය. පැය භාගයක් තබා මඳ උණුසුම් ජලයෙන්

සෝදන්න. මෙම සත්කාරයද සති දෙකකට වරක් සිදුකළ හැකියි.

Skin Lightening Body Pack

අවශ්‍ය ද්‍රව්‍ය

– කෝපි කුඩු තේ හැඳි 5ක්

– ඔලිව් තෙල් තේ හැඳි 1ක්

– සීනි තේ හැඳි 1ක් ( කුඩු

     ඇට සහිත සීනි හෝ

ග්‍රයින්ඩර් කරගත් සීනි)

සාදා ගන්නා ආකාරය

මේ සියල්ල හොඳින් මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

පළමුව සිරුර හොඳින් ක්ලෙන්සර් කොට පිරිසුදු කරගැනීමෙන් අනතුරුව සමට ගැළපෙන ස්ක්‍රබ් එකක් භාවිත කොට සිරුර හොඳින් ස්ක්‍රබ් කරගන්න.

ඉන් අනතුරුව සාදාගත් පැක් එක සිරුරේ ආලේප කිරීම සුදුසුයි. එහිදී අඳුරු ප්‍රදේශවලත් දෑත් දෙපා වැළමිට ආදී ප්‍රදේශවලත් ආලේප කිරීම කළ හැකියි. මෙම සත්කාරයත් සතියකට වරක් භාවිත කිරීම තුළින් ඉතා හොඳ ප්‍රතිඵල අත්කර ගත හැකිය.

Orange Peel Powder Body Polishing Pack

අවශ්‍ය ද්‍රව්‍ය

  • -දොඩම් ගෙඩියේ  තැඹිලි පැහැති කොටස

     ගේ‍ර්ටරයක්

     ආධාරයෙන් ගේ‍ර්ට්

     කරගන්න.

– නැවුම් කිරි තේ හැඳි 2ක්

– මී පැණි තේ හැඳි 1ක්

– කඩල පිටි තේ හැඳි 1ක්

– හාල් සේදූ ජලය

     ස්වල්පයක්

සාදා ගන්නා ආකාරය

පළමුව ගේ‍ර්ට් කරගත් ‍ෙදාඩම් ලෙලි ටික තද අව්වේ වේළා ගන්න. ඉන් පසුව ග්‍රයින්ඩර් කොට පවුඩර් කරගන්න. එයට නැවුම් කිරි, මී පැණි කඩල පිටි, සහල් සේදූ ජලය දමා මිශ්‍ර කරගන්න.

භාවිත කරන ආකාරය

පෙර පරිදිම හොඳින් ක්ලෙන්ස්ර් කොට ස්ක්‍රබ් කරගත් සම මත මෙම පැක් එක ආලේප කළ යුතුය. සම මත වියළෙන්නට තබා මඳ උණුසුම් ජලය ස්වල්පයක් මඟින් නැවත තෙමා ගන්න. ඉන්පසුව ඇඟිලි තුඩු ආධාරයෙන් විනාඩි 5ක් පමණ ස්ක්‍රබ් කරගන්න. අවසානයට සාමාන්‍ය ජලයෙන් සෝදා ඉවත් කරන්න.

මෙම packවලින් ලැබෙන ප්‍රතිඵල

Bride කෙනෙක්ට නම් මුළු සිරුරම Glowing colour එකක් ලබා ගත හැකියි. එමෙන්ම සමට කහ පැහැති රන්වන් පැහැයක් ලබා ගැනීමටත් මෙමඟින් හැකියාව ලැබේ. අවම වශයෙන් නොකඩවා මාස 03ක් පමණ කාලයක්වත් සිදුකළ යුතුයි.

දිනූෂා මනෝරි නිශ්ශංක

අප්සරා තිලකරත්න

ප්‍රවීණ රූපලාවණ්‍ය

ශිල්පිනි

සැලෝන් අප්සරා

කෝට්ටේ, රාජගිරිය