ඉන්ධන හිඟය බිලිඳියක්  බිලි ගනී

0
141

ඉන්ධන හිඟය හේතුවෙන් රෝහල් ගත කිරීම ප්‍රමාද වී දින දෙකක් වයසැති බිලිඳියක් ජීවිතක්ෂයට පත්වී ඇත. මෙසේ ජීවිතක්ෂයට පත්වී ඇත්තේ හල්දුම්මුල්ල සොරගුණේ රදාකඳුර ප්‍රදේශයේ බිලිඳියකි.

පසුගිය 21 වැනි දින රාත්‍රි 8.00ට පමණ ශරීරය කහ ගැන්වී ගැහෙන්නට පටන් ගැනීම නිසා රෝහල් ගත කිරීමට ඉන්ධන නොමැති වීම නිසා ත්‍රිරෝද රථයක් සොයා ගත නොහැකි වීමෙන් තම දියණිය ජීවිතක්ෂයට පත්වූ බව මරණ පරීක්ෂණයේදී පියා සාක්කි දෙමින් පැවැසූ බව හදිසි මරණ පරීක්ෂක ජී.එම්. දිසානායක පැවැසීය.

බිලිඳියගේ පශ්චාත් මරණ පරීක්ෂණය දියතලාව මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ශානක පතිරණ සිදුකර තිබේ.

මෙම දරුවා හල්දුම්මුල්ල රෝහලෙන් දියතලාව රෝහලට මාරු කර තිබේ.

දරුවා ප්‍රමාද නොවී රෝහල් ගත කළා නම් ජීවිතය බේරා ගැනීමට හැකි වන බව වෛද්‍ය නිලධාරියා සඳහන් කර ඇත.

හදිසි මරණ පරීක්ෂක ජී.එම්. දිසානායක මහතා මෙම මරණය පිළිබඳව විවෘත තීන්දුවක් ප්‍රකාශයට පත්කර ඇත.

හපුතලේ – පී. ජයන්ත