අද ප්‍රදේශ කිහිපයකට වැසි

0
241

බස්නාහිර සහ සබරගමුව පළාත්වල ත් නුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ත් අද (මැයි 22) වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල ත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත්වල ත් හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවල ත් විටින් විට හමන පැ.කි.මී. 40ක පමණ තද සුළං ඇතිවිය හැකි බව ය.