මනුෂ්‍ය ඝාතන දෙකක්

0
328

පොලොන්නරුව, වඩිච්චලේ සපත්තු පාලම ප්‍රදේශයේදී ඊයේ (මැයි 21) අලුයම් කාලෙයේදී සැමියා බිරිඳට පොල්ලකින් පහර දී ගෙළ ප්‍රදේශයට වීදුරු බෝතලයකින් ඇන ඝාතනය කර තිබේ.

පොලිසිය සඳහන් කළේ, සැකකරු සහ මරණකාරිය අතර ඇතිවූ පවුල් ආරවුලක් හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය.

මරණකාරිය වයස අවුරුදු 31ක වූ වඩිච්චලේ පොලොන්නරුව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සැකකරු ද බරපතළ තුවාල ලබා පොලොන්නරුව මහ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන බව පොලිසිය පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් පොළොන්නරුව පොලිසිය විමර්ශන සිදු කරයි.

මේ අතර, ඊයේ (21) රාත්‍රියේ මාවතගම පරගහදෙණිය ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කර තිබේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබු පුද්ගලයා මාවතගම රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලිසිය සඳහන් කළේ ය.

මරණකරු වයස අවුරුදු 48ක් වූ සිංහදෙණිය, පරගහදෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

පොලිසිය සඳහන් කළේ, මෙම ඝාතනය සිදු කළ පුද්ගලයා සහ ඝාතනයට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව ය.

සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා මාවතගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.