රටේ ආර්ථික තත්ත්වය යහපත් වනතුරු මේ වනවිට සැලැසුම් කර ඇති නව ව්‍යාපෘති තාවකාලිකව අත්හිටුවන ලෙසට නාගරික සංවර්ධන සහ නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් ලබා දී තිබේ.
නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති නිවාස රාජ්‍ය අමාත්‍යංශය, ශ්‍රී ලංකා රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව, ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව යන ආයතනවල නිලධාරීන් සමග පැවැති සාකච්ඡාවකදී ඇමතිවරයා මෙම උපදෙස් ලබා දී ඇත.
එහිදී ප්‍රසන්න රණතුංග මහතා උපදෙස් දී ඇත්තේ, ඉදිරි අයවැය ඉදිරිපත් වනතුරු අත්‍යවශ්‍ය දේවල් සඳහා පමණක් අමාත්‍යංශ ප්‍රතිපාදන වැය කරන ලෙසට ය.
එමෙන් ම, මෙම සාකච්ඡාවේදී නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යංශය යටතේ ඇති සියලු ආයතන සතු මෙතෙක් ප්‍රයෝජනයට නොගත් ඉඩම් කඩිනමින් වගා කිරීමට තීරණය කර ඇත.
ඒ සඳහා කඩිනමින් අවශ්‍ය පියවර ගන්නැයි අමාත්‍යවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.
තව ද ආයෝජන සඳහා ලබා දී ඇති ඉඩම් මෙතෙක් භාවිතා කර නොමැති නම් එම ඉඩම් වහා ම ආපසු පවරා ගන්නා ලෙස ත්, අලුත් අයෝජකයින්ට ඒවා ලබා දීමට කටයුතු කරන ලෙස ත් ඇමතිවරයා මෙහිදී උපදෙස් ලබා දී ඇත.