විදුලි කප්පාදුව ගැන දැනුම් දීමක්

0
1113

හෙට (මැයි 23) සිට ජූනි මස 1 වන දක්වා අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය පැවත්වෙන කාලය තුළ විදුලි කප්පාදුවක් සිදු නොකරන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා අද (මැයි 22) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ බව සඳහන් කළේ ය.

අද (මැයි 22) සහ ලබන ඉරිදා (මැයි 29) දිනයේදී ද විදුලි කප්පාදුවක් සිදු නොකරන බව ඔහු පැවසීය.

මේ අතර ලබන සතියේ මුල සිට අඛණ්ඩව විදුලි සැපයුම ලබා දීමට උත්සහ කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා ඊයේ (මැයි 21) පැවසීය.

වියදම වැඩි වුව ද විදුලි උත්පාදනය සඳහා ලබා දෙන ඩීසල් සහ දැවිතෙල් ප්‍රමාණය ඉහළ දැමීම සම්බන්ධයෙන් ප්‍රතිපත්තිමය තීරණයක් ගැනීමට සිදු වන බව ඔහු වැඩිදුරට ත් ප්‍රකාශ කළේ ය.