මැයි 9 ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධයෙන් 1,500ක් අත්අඩංගුවට

0
692

මැයි 9 වන දා දිවයින පුරා සිදු වූ ප්‍රචණ්ඩ ක්‍රියාවලට අදාළව මේ වන විට පුද්ගලයින් 1,500ක් පමණ අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තලදූව මහතා පවසයි.

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඉන් සැකකරුවන් 677 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර ගත කර ඇති බව ය.

මේ අතර, ගෙවුණු පැය 24 තුළ මෙම සිද්ධිවලට අදාළ සැකකරුවන් 152 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

ඒ අනුව, අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව සැකකරුවන් 39 දෙනෙකු රක්ෂිත බන්ධනාගාර කර ඇති අතර 101 දෙනෙකුට ඇප ලබා දී ඇත.

තව ත් සැකකරුවන් අද (මැයි 22) අධිකරණයට ඉදිරිපත් කිරීමට ද නියමිත බව ඔහු පැවසීය.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරට ත් සිදු කරමින් පවතින බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරට ත් සඳහන් කළේ ය.