“ලංකාවේ ආර්ථිකය මරණ මංචකයේ” – ස්ටීව් හෑන්ක්

0
419

ශ්‍රී ලංකාවේ ආර්ථිකය මරණයට ගොදුරු වී ඇතැයි ලෝක ප්‍රකට ආර්ථික විද්‍යාඥ, ජෝන් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හෑන්ක් මහතා පවසයි.

ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඔහු සඳහන් කර ඇත්තේ, ශ්‍රී ලංකාව ප්‍රථම වරට ණය ගෙවීම් පැහැර හැර ඇති බව ය.

2022 වසරේ ජනවාරි 1 වන දා සිට ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ආසන්න වශයෙන් 50%කින් අවප්‍රමාණය වී ඇතැයි ඔහු පෙන්වා දී ඇත.

ඔහු අවධාරණය කරන්නේ, ශ්‍රී ලංකා ආර්ථිකය මරණයෙන් ගලවා ගැනීම සඳහා මහ බැංකුව අහෝසි කර මුදල් මණ්ඩලයක් ස්ථාපනය කළ යුතු බව ය.

ශ්‍රී ලංකාවේ මහ බැංකුව අහෝසි නොකළහොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබා ණය පවා කුණු කාණුවකට දැම්මා හා සමාන වන බව ඔහු මීට පෙර සඳහන් කර තිබිණි.