අද (මැයි 21) දිනයේ සිට දෛනිකව ගෑස් සිලින්ඩර් 80,000ක් වෙළෙඳපොළට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බව ලිට්රෝ ගෑස් සමාගම පවසයි.
එහි සභාපති විජිත හේරත් මහතා සඳහන් කළේ, ඊයේ දිනයේ ගෑස් මෙට්‍රික්ටොන් 3,900ක් අඩංගු ගෑස් නෞකාවක් පැමිණි බව ත් එම ගෑස් තොගය දින 6කට පමණ ප්‍රමාණවත් වන බව ත් ය.
ඔහු ප්‍රකාශ කළේ, සඳුදා (මැයි 23) දිනයේ තව ත් ගෑස් නෞකා දෙකකට අමෙරිකානු ඩොලර් මිලියන 7ක් ගෙවීමට බලාපොරොත්තු වන බව ය.
ඒ අනුව, ගෑස් සැපයුම සති දෙකක කාලයක් තහවුරු කරගත හැකි බව ඔහු පෙන්වා දුන්නේ ය.
අද දිනයේ බෙදා හරින ගෑස් සිලින්ඩර් 80,000න් 50,000ක් පමණ බෙදා හරින්නේ කොළඹ සහ ගම්පහ නගරවලට බව සභාපතිවරයා පැවසීය.
ඔහු ප්‍රකාශ කළේ, ඒ සම්බන්ධයෙන් වන නිර්දේශ ඊයේ දිනයේ කෝප් කමිටුවෙන් ද ලැබුණු බව ය.
ගෑස් නියෝජිතයින් අමතා අදාළ දිනයේ ලැබෙන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව කොපමණ ද යන්න පිළිබඳව දැනුවත් වී ගෑස් මිල දී ගැනීම සඳහා යොමු වන ලෙස හේරත් මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කළේ ය.
ඔහු වැඩිදුරට ත් සඳහන් කළේ, ජංගම දුරකතන යෙදුමක් මගින් අලෙවි නියෝජිතයින් වෙත ලැබෙන ගෑස් සිලින්ඩර් සංඛ්‍යාව පිළිබඳව පාරිභෝගිකයින් දැනුවත් කිරීමට සඳුදා සිට පියවර ගන්නා බව ය.