ඉන්ධන ඉල්ලා ස්ථාන රැසක විරෝධතා: මාර්ග කිහිපයක් වැසෙයි

0
252

ඉන්ධන ඉල්ලා ජනතාව නාවල – නුගේගොඩ මාර්ග අවහිර කර තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, විවෘත විශ්වවිද්‍යාලය අසලින් එම මාර්ගය සම්පූර්ණයෙන් ම අවහිර කර ඇති බව ය.

ත්‍රිරෝද රථ සඳහා මීට පෙර ඉන්ධන නිකුත් කළේ රු. 3,000ක් වුව ද එය රු. 2,000ක් දක්වා පහත දැමීමට විරෝධය පළ කරමින් ඔවුන් මෙලෙස මාර්ගය අවහිර කර ඇත.

මේ අතර, ජනතාව ඉන්ධන ඉල්ලා කොළඹ – හොරණ මාර්ගය (120 බස් මාර්ගය) ද පිළියන්දල පොලිසිය අසලින් අවහිර කර ඇතැයි අප වාර්තාකරු පැවසීය.

වැලිගම නගරයේ ලංකා IOC ඉන්ධන පිරහුම්හල වෙත පැමිණි ඩීසල් රැගත් බවුසරයක් අද (මැයි 21) පෙරවරුවේ ගොඩබෑමට ඉඩ ලබා නොදීම හේතුවෙන් එම ස්ථානයේ දැඩි උණුසුම් තත්ත්වයක් හට ගත් බව අප වාර්තාකරු පැවසීය.

ඔහු සඳහන් කළේ, පෙට්‍රල් ලබා ගැනීමට පෝලිමේ රැඳී සිටි ත්‍රීරෝද සහ යතුරුපැදි රියැදුරන්ගේ විරෝධතා හමුවේ එම තත්ත්වය හටගත් බව ය.

  • ඡායාරූප: තිලංක තේනුවර