ජොනී තාම CID ඇවිත් නෑ

3
817

ගාලු මුව‍ෙදාර හා අරලිය ගහ මන්දිරය අසල ඉකුත් 9 වන දා ඇතිවූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා තව ඉතිරිව ඇත්තේ හිටපු ඇමති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.

ඒ මහතාට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දී තිබුණ ද ඒ මහතා අසනීප තත්ත්වයෙන් පසුවන හෙයින් මෙතෙක් ප්‍රකාශයක් ලබා දීමට පැමිණ නැති බව එම දෙපාර්තමේන්තුවේ ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ අතර හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා සිකුරාදා හවස් වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටි අතර ඒ මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කර තිබිණි.

මේ අතර, මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ලබා ගන්නා ලද ඇති පවිත්‍රා වන්නිආරච්චි, රෝහිත අබේගුණවර්ධන, සී.බී. රත්නායක, කංචන ජයරත්න, සංජීව එදිරිමාන්න ඇතුළු පිරිසගේ ප්‍රකාශ නීතිපතිවරයා වෙත යොමුකර ඇති බවත් ඉදිරි විමර්ශන කටයුතු සඳහා නීතිපතිවරයාගේ උපදෙස් බලාපොරොත්තුවෙන් සිටින බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

නීතිපතිවරයා වෙත යැවෙන ප්‍රකාශ නීතිපති දෙපාර්තමේන්තුවේ හය දෙනකුගෙන් සමන්විත ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ කමිටුවක් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ පිළිබඳ නිරීක්ෂණයක් සිදුකෙරෙන බව ද කියයි.

ඉන් අනතුරුව නීතිපතිවරයා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඉදිරි විමර්ශන සඳහා අදාළ නියෝග ලබා දෙනු ඇතැයි ද කියයි.

3 COMMENTS

  1. මෙතෙක් පැවති ආන්ඩුව පළවා හැරීමට මුළු රටම මහමගට පැමිණ උත්ගොඕ සන අරගල කිරීම කරන මොහොතේ අගමැති ඇතුලු කැබිනට් එක අස්වූ මොහොතක රනිල් නැමැති දේශ දෝරෝ හි යා රාජපක්ෂ හොරු ආරක්ෂා කිරීමට පැමිණ ඇත වසර 45ක තුල වරින්වර රට පාලනය කල ජඩ බලු හොරු දූෂිතයෝ වන්චා කාරයෝ මිනීමරුවෝ අද දෙකෝටි විස‌‌‌ ලක්ෂයම ප්‍රාණ ඇපකරුවන් ලෙස රඳවාගෙන සිටීම ගෝඨා පන්නා දැමීම වෙනුවට ඌව ආරක්ෂා කිරීම ට පැමිණ ඇති ජඩ බල්ලො එළවා දමමු මෙතෙක් පැවති ආන්ඩුව ක්‍රමය අහෝසි කරමු අලුත් සිස්ටම් එකක් නැවත පටන් ගනිමු
    ගෝඨා ගෝ ගමට ජය වේවා අරගලය දිගටම කරගෙන යන්න අපි ඔබ සමගයි

  2. අපි විදේශ ගතව වසර 25ක් පමණ හොයන සෑම ඩොලර යක්ම අපේ රට ට එවා ඇත වසරකට ඩොලර් 12 000 පමණ
    මුදලක් යවා ඇත නමුත් අද රට තුල මේ කාලකණ්නි පරගැති දේශපාලුවෝ හොරා කෑ හ මුළු ලෝකයම ඉදි රියේ යාචක යින් බවට පත් කර උන් පිට රටවල ඉඩන් කඩන් ගෙවල් දොරවල් පරම් පරා ගණනා වකට හොර කම් කර ඇත කාලකණ්නි පාදඩ ක්‍රමය අහෝසි කිරීම හා නව විවස්ථාව සංසෝධනය ක් සමග රට ගොඩ නැගීමට හැකි එකම පක්ෂය ජාතික ජනබල වෙගය ට රට බාර දෙමු වැටුනු රට ගොඩ නගමු ඒ වන තුරු එක ඩොලර යක් රටට නොඑවන්නෙමු

  3. ගෝඨා එලවමු. ඔව් කවුද ඊට පස්සෙ ගේන්නෙ. අරගලය අස්සෙ කවුද ඉන්නෙ.කවුරුවත් දන්නෙ නෑ.ගෝඨා එලවලා ජනාධිපති ක්‍රමය අහෝසි කලාම වෙන්නෙ සියලුම පලාත් සභා ස්වයංක්‍රීයව බලගැන්වෙන එක. පුන්ච් පුන්ච් ප්‍රාන්ත හැදෙන එක. එතකොට මේ රටේ ඒකීයභාවය ඉවරයි. අපේ කොල්ලො 28000 කගෙ ජීවිත අරගෙන කරපු අරගලයේ ප්‍රථිපලය මොකක්ද? රට එකසත්ව ගොඩගන්න ඕනනම් ඉස්සරවෙලාම පලාත්සභා අහෝසි කරන්න ඕන. ඊට පස්සෙ තමයි ගෝඨා එලවන්න ඕන. අරගලයට හරි නායකත්වයක් ඇතිව ඉදිරියට යන්න ඕන. නැතිව අරමුණක් පෙන්නලා අනාරක්ෂිතව වැඩකරන එකේ ප්‍රතිඵල භයානකයි.

Comments are closed.