පිරවුම්හල් අවහිර කරමින් ඉන්ධන ප්‍රවාහනයට බාධා සිදු කරන්නේ නම් සහ ඉන්ධන ප්‍රවාහන බවුසර් රථවලට සිදු කරන බලපෑම් අඛණ්ඩව පවතින්නේ නම් අදාළ පිරවුම්හල්වල වෙත ඉන්ධන බෙදා හැරීම නතර කිරීමට සිදුවන බව බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසයි.
අද (මැයි 21) පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.
මේ සම්බන්ධයෙන් ඔහු ට්විටර් පණිවිඩයක් ද නිකුත් කරමින් සඳහන් කළේ, සංවිධානාත්මක කණ්ඩායම් විසින් ඉන්ධන බෙදාහැරීමේ බවුසර් රථ ඇනවුමට අදාළ නොවන ඉන්ධන පිරවුම්හල් සඳහා ඉන්ධන ගොඩ බාන ලෙස බලපෑම් සිදු කරනු ලබන බව ය.
එවැනි ස්ථානවලදී ගොඩබෑම සිදු නොකරන්නේ නම් බවුසර් රථ ගිනි තබන බවට ද ඔවුන් තර්ජනය කර ඇති බවට වාර්තා වී ඇති බව ත් ඔහු සඳහන් කර තිබේ.