අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලය අද (මැයි 21) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමනකට එරෙහිව පොලිසිය විසින් අධිකරණ නියෝගයක් ලබා ගනු ලැබ තිබේ.
කොටුව පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව අදාළ අධිකරණ නියෝගය ලබා දී ඇත.
ඒ අනුව, අන්තර් උසස් ජාතික ඩිප්ලෝමා ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු, එහි සාමාජික සාමාජිකාවන් හා වෙනත් තැනැත්තන් හට අද දින ඔවුන් විසින් මෙහෙයවනු ලබන පෙළ පාලිය කොටුව පොලිස් වසමේ කිසිදු රාජ්‍ය ආයතනයකට, නිල නිවසකට ඇතුළුවීම, හානි කිරීම, එම ප්‍රදේශයේ රාජකාරී කරනු ලබන නිලධාරීන්ට බාධා කිරීම, ප්‍රචණ්ඩකාරී සහ නීතිවිරෝධි ක්‍රියාකාරකම්වලින් තොරව සිදුකළ යුතු බවට නියෝග කර ඇත.
