පොලිස්පති, STF සහ විශේෂ කාර්යාංශයේ ප්‍රධානීන් CIDයට

0
549

පොලිස්පතිවරයාගෙන්, පොලිස් විශේෂ කාර්ය බළකායේ අණදෙන නිලධාරියාගෙන් සහ පොලිස් විශේෂ කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට ප්‍රකාශ සටහන් කර ගනිමින් සිටියි.

mawbima.lk කළ විමසීමකදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මේ බව පැවසීය.

ඔහු ප්‍රකාශ කළේ, අද (මැයි 21) පස්වරු 2.00ට පමණ ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව ය.

මැයි 9 වන දා ගාලු මුවදොර සහ කොල්ලුපිටියේදී ඇතිවූ සිද්ධි සම්බන්ධයෙන් අදාළ ප්‍රකාශ ලබා ගන්නා බව එම නිලධාරියා වැඩිදුරට ත් පැවසීය.