ඔස්ට්‍රේලියාවට නව අගමැතිවරයෙක් (VIDEO)

0
741

ඔස්ට්‍රේලියානු නව අගමැතිවරයා ලෙස ඇන්තනි ඇල්බනීස් තේරී පත් වී තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, දශකයකට ආසන්න කාලයකට පසු කම්කරු පක්ෂය සිය පළමු මැතිවරණ ජයග්‍රහණය කරා ගෙන යමින් ඇන්තනි ඇල්බනීස් ඔස්ට්‍රේලියාවේ මීළඟ අගමැති වීමට නියමිත ය බව ය.

ඒ අනුව, එරට වත්මන් අගමැති ස්කොට් මොරිසන් පරාජය භාර ගෙන ඇති අතර ඔහු ඇල්බනීස්ට පැතුම් එක් කර ඇත.

නව අග්‍රාමාත්‍යවරයෙකු තෝරා පත් කර ගැනීම වෙනුවෙන් ඔස්ට්‍රේලියානු 2022 ෆෙඩරල් මැතිවරණය පැවැත්විණි.

ඇන්තනි ඇල්බනීස් 59 වන වියේ පසු වෙයි. ඔහු ඔස්ට්‍රේලියාවේ 31 වන අගමැතිවරයා බවට පත්වනු ඇත.

මැතිවරණ ප්‍රතිඵල ලැබීමෙන් අනතුරුව ඇල්බනීස් ප්‍රකාශයක් කරමින් රට එක්සත් කිරීමට, දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට, වයස්ගත සත්කාර අර්බුදයට ආමන්ත්‍රණය කිරීමට පොරොන්දු වී ඇති අතර පාර්ලිමේන්තුවේ ස්වදේශීය හඬක් සඳහා කැපවී ෆෙඩරල් අඛණ්ඩතා කොමිසමක් පිහිටුවීමට ප්‍රතිඥා දී තිබේ.