හෙළවුඩයේ ‘The Game’ ගේමක් ගහ ගනීවිද?

0
620

මේ දවස්වල ලංකාවේ හැමෝටම තිබෙන එකම හැඟීම තමයි ජීවත් වෙන්න කොහොමහරි ගේමක් ගහගන්න ඕනෑ කියන එක. රටේ තිබෙන ප්‍රශ්නයි, තම තමන්ගේ පෞද්ගලික ප්‍රශ්නයි ඔක්කොම බ්ලෙන්ඩ් වෙලා, මික්ස් වෙලා, කැලතිලා ඔක්කොම ඇඟට එන නිසා ‘ගේමක්’ නොගහාම බැහැ ඉතින්. ඒත් තමන්ගේ ආතල් කඩාගන්නේ නැතුව ෆිල්ම් එකක් බලන්න, සිංදුවක් අහන්න, පොතක් කියවන්න වගේ දේවල් මේන්ටේන් කරන්න තමන් දැනගන්න ඕනෑ නේද? ෆිල්ම් ආටිකල් ටික කැලේ ගහලා ‘Play’ එක ඇතුළේ ආර්ථික ප්‍රශ්නයි, සමාජ විශමතාවයි, උද්ධමනය වගේ පට්ට බැරෑරුම් මාතෘකා කතා කරන්න යනවා නෙවෙයි. මේ කියන්න යන්නේ ලංකාවේ අධ්‍යක්‍ෂවරයෙක් ගහපු Game එකක් ගැන.

මේ ලෑස්ති වෙන්නේ හෙළවුඩ් සිනමාවේ අලුත්ම ෆිල්ම් එක වන The Game ගැන කතා කරන්නයි. මේ ෆිල්ම් එක සුරංග ද අල්විස්ගේ නිර්මාණයක් වන අතර නිෂ්පාදනයෙන් අනුර සමරජීව දායක වෙලා තිබෙනවා. මේක සුරංග ද අල්විස්ගේ කලින් Film Productsවලට වඩා වෙනස්ම ටෝන් එකේ ෆිල්ම් එකක් කියලා තමයි ආරංචි වෙන්නේ නම්.

ෆිල්ම් එක ගැන කතා කළොත් 2019දී සිදුවුණ පාස්කු ප්‍රහාරය පිළිබඳ කතා කරන බව ෆිල්ම් එකේ ටීසර හා ට්‍රේලර වීඩියෝවලින් පෙනෙන්න තිබෙනවා. ෆිල්ම් එකේ ටීසර් හා ට්‍රේලර් රිලීස් වෙන්න කලින් නම් ලංකාවේ සිනමා ලෝකයේ ගොඩක් අය කතා වුණේ මේකත් බොලිවුඩයෙන් හරි දකුණු ඉන්දියාවෙන් හරි අහුලගත්ත ෆිල්ම් එකක කොපියක් වෙන්න ඇති කියලා. නමුත් ඒ පූර්ව නිගමන දුන්න අයට හොඳ උත්තරයක් අධ්‍යක්ෂතුමා දීලා තිබෙන බව පෙනෙන්න තිබෙනවා. ජ්ඪදචත ට්‍රේලරය පුරාවටම බ්ලාස්ට් සීන්ස්, ත්‍රිලර් සීන්ස් වගේම ලංකාවම කතා කරපු හඬපට හා අගමැතිව ගූගල් කරලා හොයපු පොලිටිකල් බ්ලැක් කොමඩි කෑලිත් බලාගන්න පුළුවන්.

Cast එක ගැන බැලුවොත් ‘සිංහල සිනමාවේ සුපර් ස්ටාර්’ රන්ජන් රාමනායක සිරගත වීමට කලින් ඇක්ට් කළ අන්තිම ෆිල්ම් එක The Game කියලයි කියන්නේ. රන්ජන් රාමනායකට අමතරව ශ්‍රියන්ත මෙන්ඩිස්, ජනිත් වික්‍රමගේ, සැන්ඩෝ හැරිස්, තරින්දි ප්‍රනාන්දු සහ චතූ රාජපක්ෂ ඇතුළු රංගන ශිල්පීන් ශිල්පිනියන් රැසක් මේ සඳහා රංගනයෙන් දායක වනවා. The Game ෆිල්ම් එක මැයි මස 20 වැනිදා සිට දිවයින පුරා සිනමා ශාලා රැසක තිරගත වීම ඇරඹුණා. කොවිඩ් වසංගතයයි රටේ ප්‍රශ්නයි එක්ක දෝලනය වෙවී තිබුණ සිංහල සිනමාවට The Game හරහා අලුත් පණක් ලැබේවා යැයි අපි ප්‍රාර්ථනා කරමු!

ඉතින් අවසන් වශයෙන් මම මේ ලියන මොහොතේදීත් Super Star ඇතුළේ සිටියදී අධ්‍යක්ෂ ඇතුළු අනිත් නළු-නිළියෝ ගේමක් ගහයිද?

ඒක දැනගන්න නම් අනිවාර්යයෙන්ම ‘ The Game’ බලන්න!

රමෝද් ජයවර්ධන