වසර 17කට පසුව  තිරයට එන CB 15 THE BRAIN

0
573

.මෙම වසරේ මැයි 01 වැනිදා තිරගත වීමට නියමිත CBI චිත්‍රපට මාලාවේ පස් වැනි කොටස The Brain මලයාලම් චිත්‍රපටය, mystery/ thiller කැටගරිය යටතේ නිෂ්පාදනය වූවකි. පැය 2යි විනාඩි 45ක ධාවන කාලයක් සහිත මෙම චිත්‍රපටය K. Madhuගේ අධ්‍යක්ෂණයකි. ඔහු විසින් Jagratha, Adhipn, Crime file වැනි භාෂා කිහිපයකට අයත් සිනමාපට 30ක් පමණ මේ වනවිට අධ්‍යක්ෂණය කොට ඇත.

The Brain චිත්‍රපටය S.N. Swamiගේ තිර රචනයක් වන අතර God father චිත්‍රපට නිෂ්පාදක Swargachitra Appachanගේ නිෂ්පාදනයකි. සිනමාපටයේ සංගීත අධ්‍යක්ෂණය සිදු කර ඇත්තේ Jakes Bejoy විසිනි.

චිත්‍රපටයේ ප්‍රධාන චරිත නිරූපණය සිදු කරනු ලබන්නේ මලයාලම්, දමිළ, කන්නඩ, හින්දු සිනමාවේ පමණක් නොව හොලිවුඩ් චිත්‍රපට සඳහාද රංගන දායකත්වය දැක්වූ Mammootty විසිනි. එසේම මෑත කාලීන මලයාලම් සිනමාවේ නැඟී එන නළුවකු වන Soubin shabir ද මෙම සිනමාපටයට රංගන දායකත්වය සපයයි.

චිත්‍රපටයට පාදක වී ඇත්තේ නොවිසඳුණු, අබිරහස් දාම ඝාතනයකි. එම අබිරහස විසඳීමට පොලිසියට නොහැකි වූ අතර එම නඩුව CBI වෙත පැවරෙයි. CBI නිලධාරියකු වන සේතුරාම අයියර් ප්‍රමුඛ අපරාධ පරීක්ෂණ කණ්ඩායම විසින් එම ඝාතන රැල්ල විමර්ශනය කිරීම වටා කතාව නිර්මාණය වී ඇත. එසේම චිත්‍රපටයේ පූර්ව ප්‍රචාරක පටයේ ගාන්ධි පවුලේ ඝාතන ගැන සඳහන් වනවා. CBI 5 The Brain ජාතික වැදගත්කමක් ඇති නඩුවක් විමර්ශනය කරයිද? එය දැන ගැනීමට නම් අනිවාර්යයෙන්ම චිත්‍රපටය නැරඹිය යුතුම වනවා.

Indian Express සමඟ සිදුකරන ලද සාකච්ඡාවකදී චිත්‍රපට අධ්‍යක්ෂ K.Madhu විසින් පවසා සිටියේ  CBI චිත්‍රපට මාලාවෙන් යම් යම් වෙනස්වීම් සහිතව එහි පස් වැනි කොටස නිෂ්පාදනය කොට ඇති බවයි. එයට හේතුව ප්‍රධාන වශයෙන්ම චිත්‍රපටය නූතන තරුණ පරම්පාරාව ඉලක්ක කොට ගෙන නිෂ්පාදනය කර ඇති වීමයි. එසේම චිත්‍රපටයේ සය වැනි කොටසක් නිෂ්පාදනය වේ දැයි ඇසූ පැනයට ඔහු ලබා දී තිබුණේ ‘දෙවියන් කැමැති නම් හයවන කොටසත් ඒවි’ යන පිළිතුරයි.

 CBI චිත්‍රපට මාලාවේ මෙම පස් වැනි කොටස පැමිණෙන්නේ වසර 17කට පසුවය. මලයාලම් සිනමාවේ මේ වනවිට සෞන්දර්ය, ආඛ්‍යාන විලාසය සහ තාක්ෂණික අංශයෙන් බොහෝ වෙනස්වීම් සිදු වී ඇති අතර ප්‍රේක්ෂකයන්ගේ නැරඹුම් පුරුදු පවා සැලකිය යුතු ලෙස වෙනස් වී ඇත. ඉතින් CBI පස්වැන්න The Brain චිත්‍රපටය නව පරම්පරාව කෙසේ භාරගනු ඇතිදැයි බලා හිඳිමු.

විමූ රත්නායක