රනිල් බලයට එන බව කල් තියාම පැවසූ දෛවඥ දිනේෂ් ගමගේ 

0
269

මහජන ජන්දයෙන් පරාජයට පත්ව ලැබුණු එකම ජාතික ලැයිස්තු මන්ත්‍රි ධුරයෙන් පාර්ලිමේන්තුවට ආ රනිල් වික්‍රමසිංහයන්ට තවදුරටත් දේශපාලන බලය අතට ගැනීමේ හැකියාවක් ඇතැයි සිතුවා නම් ඒ අතළොස්සකි. ප්‍රවීණ ජේ‍යාතිෂවේදීන් පවා බැලුවේ දේශපාලන බිමේ බල අරගලයේ ඉදිරි පෙළ සිටින දේශපාලනඥයන්ගේ වේලාපත්කඩ පමණකි. එහෙත් එක්තරා ජේ‍යාතිෂඥයකු ඉකුත් අප්‍රේල් 19දා මුහුණු පොතෙහි සටහනක් තබමින් 2022 මැයි සිට 2023 වසරේ ලංකාවේ බලවත්ම දේශපාලනඥයා රනිල් වික්‍රමසිංහ බව කියා සිටියේය.

 ඒ රනිල් වික්‍රමසිංහයන්ට අගමැති වීමට මඟ පෑදූ මැයි 09දා සිදුවීම ගැන ඉඟියක්වත් නොතිබූ අවධියකදීය. එය කියුවේ ජේ‍යාතිෂය අනුව බව ඔහු එහිම සටහන් කළද සැවොම සරදමට හිනා වූහ. තමාට එදා හිනා වූ සියල්ලන්ටම ඔහු අද සිනහවෙන්නේ නිවැරදි ජේ‍යාතිෂ විද්‍යාවට බොරු කළ නොහැකි බව තහවුරු කරමිනි.

කලකට පෙර පුවත්පත්වලට ලිපි ලියූවද කලක් තිස්සේ ඉන් අෑත්ව සිටින මොහු බද්දේගම දෛවඥ දිනේෂ් ගමගේ මහතායි. එදා ඔහු පළ කළ අනාවැකිය විනාඩි කිහිපයකට පසු ඇසින් දුටු හෙයින්ම එදා රනිල් වික්‍රමසිංහයන් ගැන ඔහු කී අනාවැකියට හේතු කාරණා වූ ග්‍රහ තත්ත්වය පිළිබඳව ලියා තරුපති සරසන්නට තරුපති හි අපි ඔහුට ආරාධනා කළෙමු.

සංස්කාරිකා-රු කාරියවසම්