මිලියන ගණනක ජීවිත ඔට්ටු දැමූ දැල්ලෝ සෙල්ලම

0
627

මෑත කාලයේදී වැඩියෙන්ම කතාබහට ලක්වුණු tv series එකක් විධියට අද මේ කතා කරන tv series එක හඳුන්වන්නට පුළුවන්. ප්‍රතික්ෂේප වීම් ගොඩාක් මැද නිර්මාණය වුණු ඒත් ප්‍රේක්ෂකයා අතරට ආවට පස්සෙ හිතාගන්නවත් බැරි විධියට ලෝකය පුරාවටම අස්සක් මුල්ලක් නෑරම අතිශයින්ම ජනප්‍රියත්වයට වගේම අතිශයින්ම ප්‍රසිද්ධියට පත්වුණු වෙනස්ම විධියේ කතාවක් කියලා කියන්න පුළුවන්. ඉතින් මේ වෙන මොකක්වත් නෙවෙයි කොරියානු කතාවක් වන Squid game.

මේ TV Series මේ වෙද්දී බලපු නැති කෙනෙක් නොමැති තරම්. තාමත් මේ Series එකේ සීසන් එකයිනෙ ඇවිත් තිබෙන්නේ. ඉතින් හැමෝම වගේ බලන් ඉන්නෙ මෙහි 2 වැනි සීරිස් එකත් එනකම්. ඉතින් ආරංචි මාර්ගවලට අනුව මේ අවුරුද්දේදි සීසන් 2ත් රිලීස් වෙයි. හුඟාක් අය සිතුවෙ Squid game සීරිස් එක 1 සීසන් එකකින් ඉවර වෙයි කියලා. ඒත් අපිට හුඟාක්  කුතුහලය දනවන තැන් ගොඩාක් ඉතිරි කරලා තමයි පළමු වැනි සීසන් එක ඉවර වුණේ.

ඉතින් හැමෝටම මතක ඇති මේ මිනීමරු සෙල්ලමෙන් කවුද අන්තිමට දිනුවේ කියලා. කෝටි ගාණක සල්ලි ගොඩක් එක්ක ලොකු කලකිරීමකුත් එක්ක මෙහි ප්‍රධානම චරිතය වන seong එයාගෙ දුව ළඟට යන්නනේ ගියේ. ඒ නිසා හිතුවේ දැන් ඔක්කොම සෙල්ලම් ඉවරයි කියලානේ. ඒත් මේ මිනිස්සුන්ව ඔට්ටු අල්ලන මිනීමරු සෙල්ලම තාමත් ඉවර නැහැ කියලා දකින seong එයා යන ගමන නතර කරනවා. ඉතින් ඊළඟට මොකක් වේවිද? මේ මිනීමරු සෙල්ලම පිටිපස්සේ සිටින හිතක් පපුවක් නැති අයව කොටුකරගන්න පුළුවන් වේවිද?

මම සිතන්නේ අපිට හුඟාක් කුතුහලය ඉතුරු කරපු තැනක් තමයි ටපධදබ ථචද එයාගේ සහෝදරයාට වෙඩි තියපු සිද්ධිය. වෙඩි වැදුණු ටපධදබ ථචදගේ සහෝදරයා වතුරට වැටුණාට එයා ඇත්තටම මැරුණද? ඒ වෙඩි තැබීමේදී ඔහුගේ උරහිසකට තමයි වෙඩිල්ල වැදුණේ. ඒ නිසා ඔහු මැරුණේ නැහැ කියලා තමයි මට නම් සිතෙන්නේ. දැන් seong කියන්නෙ ලොකු පොහොසතෙක්. ඒත් එයා ඉන්නෙ ලොකු තරහකින් වගේම වෛරයකින්. Front manගේ සහෝදරයා ඒ කියන්නෙ CID එකේ ඉන්න කෙනා එක්ක එකතු වෙලා seongට පුළුවන් වෙයිද මේ ඔක්කොගෙම අබිරහස් විසඳන්න. නැත්තම් මෙච්චර අමාරුවෙන් සොයාගත්ත කෝටි ගාණක සල්ලි ඔක්කොමත් නැති කරගෙන අනික් අයට වගේ අමානුෂික විධියට මරණයට පත්වෙන්න සිදුවෙයිද? 

ඉතින් Squid game ඉවර වුණේ ඔය වගේ ගොඩක් ප්‍රශ්න ඉතිරි කරලා. ඉතින් අපි බලමු මෙහි දෙවැනි සීසන් එකෙන් මේ කතාව ඉවර වෙයිද නැත්තම් තවත් දිගටම මේ කතාව යයිද කියලා.

ප්‍රභානි සරත්චන්ද්‍ර