කාන්තා ඔබේ විශ්වාසය දිනූ amante වෙතින් මැජික් සපෝට් බ්‍රා

0
54

කාන්තා සුන්දරත්වය මැනවින් ඔප්නංවන amante නිෂ්පාදන යනු කාන්තාවන් අතර ඉහළ විශ්වාසයක් හිමිකරගත් නිෂ්පාදනයකි. වසර ගණනාවක් පුරා නවීන විලාසිතා ඔස්සේ කාන්තා අවශ්‍යතා ඉහළින් සපුරාලූ amante සිය නවතම නිෂ්පාදනය වන මැජික් සපෝට් බ්‍රා (Magic Support Bra) වෙළෙඳපොළ වෙත හඳුන්වා දීමට යොමුවිය. මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා අප සමඟ එක් වූයේ එහි වෙළෙඳ සහයක කළමනාකාරිනී සුලෝචනා තොටවත්තගේ මහත්මියයි.

අද වන විට amante නිෂ්පාදන සම්බන්ධයෙන් සමාජය තුළ ඇත්තේ කුමනාකාරයේ පිළිගැනීමක්ද?

මේ වන විට amante නිෂ්පාදන ශ්‍රී ලාංකේය වෙළෙඳපොළ වෙත හඳුන්වා දී දශකයකට ආසන්න කාලයක් ගත වී තිබෙනවා. මේ කාලය තුළ කාන්තාවන් අතර ඉතාමත් ජනප්‍රිය තත්ත්වයට මෙම නිෂ්පාදන පත්වෙනවට අමතරව ඔවුන්ගේ සමීපතම මිතුරියක් බවටත් amante සන්නාමය පත්වෙලා තිබෙනවා. අපගේ අනෙක් තරගකාරී නිෂ්පාදනයන්ට සාපේක්ෂව amante නිෂ්පාදන කාන්තාවන්ගේ තේරීම බවට පත්වන්නට එම නිෂ්පාදන සම්බන්ධයෙන් අපගේ කාන්තාවන් සතු විශ්වාසය බෙහෙවින් ඉවහල් වී තිබෙනවා. මේ නිසාම අද වෙනකොට amante නිෂ්පාදන දේශීය වෙළෙඳපොලේ ප්‍රමුඛ ස්ථානයක් ගත් කාන්තා ඇඟලුම් සන්නාමය බටත් පත්වී තිබෙනවා.

amante නිෂ්පාදනවල විදේශීය වෙළෙඳපොළ තත්ත්වය සම්බන්ධයෙන් කතාකළොත්?

අපේ අපනයන වෙළෙඳපොළවලින් විශාලම වෙළෙඳපොළ තිබෙන්නේ ඉන්දියාවේ. මීට අමතරව පාකිස්තානය, බංගලිදේශය, මාලදිවයින වගේ රටවල්වලටත් නිෂ්පාදන අපනයනය කරනවා. මෙතැනදී අපි ඒ ඒ රටවල කාන්තා ශරීරයන්ට ගැළපෙන ආකාරයේ නිෂ්පාදනයන් අප විසින් නිර්මාණය කිරීමට යොමුවෙනවා. ඒ වගේම තමයි රටින් රටට නිෂ්පාදන විලාසිතා සම්බන්ධයෙන් දක්වන රුචිකත්වයේ ද වෙනස්කම් තිබෙනවා. මේ නිසා අපි සන්නාමයක් විදිහට මේ සම්බන්ධයෙන් වැඩි වශයෙන් අවධානය යොමු කරමින් අපගේ සියලුම පාරිභෝගිකයන්ට උපරිම ආකාරයේ තෘප්තියක් ලබාදෙමින් ඔවුන්ට ගැළපෙන ආකාරයෙන් නිෂ්පාදන ආකර්ෂණීයවත් ගුණාත්මකවත් ලබා දීමට ඉදිරිපත් වී සිටිනවා.

amante සන්නාමය යටතේ හඳුන්වා දී ඇති නිෂ්පාදන සම්බන්ධයෙන් කෙටියෙන් පැහැදිලි කිරීමක් කළොත්?

amante සන්නාමය යටතේ කාන්තා පෑන්ටීස් සහ බ්‍රා වර්ග වගේම  ඕනෑම වර්ගයක ක්‍රීඩා ඇඳුම්, නිවෙසේදී අඳින ඇඳුම්, නිදන අවස්ථාව සඳහා යෝග්‍ය ඇඟලුම්, පිහිනුම් අවස්ථාවන් සඳහා අවශ්‍ය ඇඳුම් ආදී විලාසිතා රැසකින් යුතුව හඳුන්වා දී තිබෙනවා. ඒ වගේම බ්‍රා අංශය ගැන කතාකළොත් අපි එම නිෂ්පාදන කාර්යය සඳහා වැඩි වශයෙන් යොදාගනු ලබන්නේ ලික්රා (LYCRA) සහ කොට්න් අමුද්‍රව්‍යයි. උසස්ම තත්ත්වයේ මෙම අමුද්‍රව්‍ය මඟින් කාන්තාවන් හට කිසිදු අපහසුවකින් තොරව දිනය පුරා තමන්ගේ කාර්යය පහසුවෙන් කර ගැනීමේ අවස්ථාව හිමිවෙනවා.

amante සන්නාමය යටතේ අලුතෙන් හඳුන්වා දුන් නිෂ්පාදනය කුමක්ද?

මේ සන්නාමය යටතේ අපගේ හිතවත් කාන්තාවන් වෙත හඳුන්වා දුන් අලුත්ම නිෂ්පාදනය තමයි මැජික් සපෝට් බ්‍රා (Magic Support Bra) මේ බ්‍රා එක කාන්තාවන්ගේ ඉහළ ළැමට හැඩකාර පෙනුමක් ලබා දෙන පූර්ණ කප් ආවරණයක් සහිත ලේස් නිෂ්පාදනයක්. සම්පූර්ණයෙන්ම උසස් තත්වයේ අමුද්‍රව්‍ය භාවිත කරමින් නිෂ්පාදනය කර ඇති මෙම නිෂ්පාදනයේ විශේෂත්වය තමයි දිගු කාලයක් භාවිත කිරීමේ හැකියාව වගේම කාන්තාවන්ට ඉතාමත් පහසුවෙන් දිගු වේලාවක් ඇඳගෙන සිටීමේ හැකියාව.

ඒ වගේම මේ බ්‍රා එකේ ශක්තිමත් බව වර්ධනය කිරීම සඳහා පුළුල් පටි (Straps) යොදාගෙන තිබෙනවා. ඒ වගේම පියයුරු ඉහළට ඔසවා තැබීමෙන් උරහිස්වලට ඇතිවන තෙරපුම අඩු කිරීම සුවිශේෂී කරුණක් වෙනවා. තවද බ්‍රා එකේ බඳ වටා වෙළෙන කොටස වඩාත් පුළුල්ව නිර්මාණය කර ඇති නිසා අත් යට ඇති මස්පිඬු පිටතට නෙරා ඒම වළකා මනා පෙනුමක් උඩ ඇඳුමට ලබා දෙනවා. මෙහි කප් කොටස කොටස් තුනකට නිර්මාණය කර ඇති නිසා මැනවින් පිරිපුන්ව නිර්මාණය වී තිබෙනවා. මේ නිසා සාරි, සල්වාර් සහ බ්ලවුස් සඳහා මනා පෙනුමක් ලබා දෙනවා. මීට අමතරව පියයුරු දෙපසට යෑම වළකාලමින් පරිපූර්ණ පෙනුමක් මෙම නිෂ්පාදනය මඟින් ලබාදීමට සමත් වෙනවා.

අපගේ කාන්තාවන් වෙනුවෙන් ඉහළ ප්‍රතිලාභ රැසක් ලබාදෙන මේ නිෂ්පාදනය අපි රු.2,395ක් වැනි ආකර්ෂණීය මිලකට හඳුන්වා දීමට යොමුවුණේ ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් තලයකට ගෙන ඒමේ මූලික අරමුණින්.

මෙම amante නිෂ්පාදන මිලදී ගත හැකි ස්ථාන සම්බන්ධයෙන් අපගේ කාන්තාවන් දැනුවක් කළොත්?

මෙම මැජික් සපෝට් බ්‍රා (Magic Support) නිෂ්පාදන ඇතුළු සියලුමamante ASB Group, Beverly Street, CIB Group, Cool Planet, Cotton Collection, Cotton Island, Diliganz Fashions, Fashion Bug,Hemara Rich Look, Kandy Tex, Kelly Felder, Kotuwa Kade, Lady J, Nolimit, ODEL, Prasad Tex, Prasad Fashion Sqaure, Rich Look, RV Fashions, Samanmal, Sarathchandra, Textiles, Secrets Jaffna, Spring & Summer, Sriyani Group, Supul Collection, Zusi වැනි  දිවයින පුරා ඇති දිවයින පුරා ඇති අලෙවි නියෝජිතයන් රැසකගෙන් මිලදී ගැනීමේ අවස්ථාව ලබාදී තිබෙනවා.

මේ නව නිෂ්පාදනය වගේම අනෙකුත් amante නිෂ්පාදන සම්බන්ධයෙන් වැඩි තොරතුරු දැන ගැනීමට ඇති මාර්ග සම්බන්ධයෙන් දැනුවත් කළොත්?

අපගේ Facebook Instagram වගේ සමාජ මාධ්‍ය හරහා වගේම පුවත්පත් දැන්වීම් සහ කෙටි පණිවුඩ මඟින් නව නිෂ්පාදන සම්බන්ධයෙන් ගනුදෙනුකාර භවතුන් දැනුවත් කිරීම කරනවා. මීට අමතරව අපගේ https://amante.lk වෙබ් පිටුව ඔස්සේද අපගේ සියලුම නිෂ්පාදන සම්බන්ධයෙන් පුළුල් විස්තරයක් ලබාගැනීමේ හැකියාව පවතිනවා.