කාටිලේජ ඉදිමී දුක්විඳි රෝගියකු වටිනාම ඔසු හතරකින් සුවපත් කළ හැටි

0
54

බොහෝ අයට තිබෙන දෙයක් තමයි කොඳුඇට පෙළ දිගේ වේදනා හට ගැනීම. ඒ අතර ඇතැම් අයට එහි තැනින් තැන, විටින් විට වේදනා ඇති වීම සිදුවෙනවා. මේ වේදනාව ඉවසා දරා ගන්න බැරි තරම් වුණාට ඉක්මනින් සුවයක් ලබාගන්න දුවන්නේ බටහිර වෛද්‍යවරයකු වෙතයි.

රෝගියාගේ වේදනාව නැති කිරීම මුලින්ම සිදුකළ යුතු නිසා එවැනි මොහොතක බටහිර වෛද්‍ය විද්‍යාවට අනුව වෛද්‍යවරයා දෙන්නේ වේදනානාශක බෙහෙත්. ඒ වගේම තාවකාලිකව වේදනාවත් අඩු වෙනවා. නමුත් ආයෙත් වතාවක් වරින් වර කොඳුඇට පෙළේ වේදනාව ඇතිවෙනවා. සමහර විට පෙර තිබුණාටත් වඩා වේදනාකාරියි.

මේ තත්ත්වය දිගින් දිගටම පැවැතුණාම රෝගියාට මහත් සේ වධ විඳින්න වෙනවා. නිට්ටාවට සුවයකුත් නැහැ. එවැනි රෝගීන් දහස් ගණනක් අතරින් අප වෙත ආ එක් රෝගියකු ඉතා අසරණ තත්ත්වයට පත්වෙලයි හිටියේ.

“මම ඉස්සර හොඳට ඇඟපත වෙහෙසලා වැඩ කරපු කෙනෙක්. මම කළේ ලී ඉරන රස්සාව. මුලින්ම මට පිට කොන්දේ වේදනාවක් හට ගත්තා. විවිධ ප්‍රතිකාර කළත් හරි ගියේ නෑ. එන්න එන්නම වේදනාව වැඩි වුණා. ටික කාලයක් යනකොට අතපය හොලවන්නත් බැරි තරම් වුණා. ඉතා වේගයෙන් තමයි ඒ වෙනස ශරීරයේ වුණේ. මම හිතුවෙම මං කරපු ලී ඉරන රස්සාවේදී පලංචියේ ඉඳන් අත් කියතෙන් ලී ඉරපු නිසා කාලයක් යද්දී පිටකොන්දේ මොනවා හරි ඇදීමක් නිසා එහෙම වෙන්න ඇති කියලයි.

බටහිර වෛද්‍යවරුන් කිව්වේ පිටකොඳුවල අස්ථි පුරුක් අතර කාටිලේජවල ආබාධයක් ඇතිවෙලා කියලයි. තවත් කාලයක් ගියාම මට ඇවිදගෙන යන්න බැරි තරමට අමාරු වුණා.”

අප වෙත ගෙනාපු රෝගියකු අපට පැවැසුවේ එවැනි කතාවක්. සාමාන්‍ය පරීක්ෂාවෙදීම තේරුණා රෝගියාට තියෙන්නේ ආතරයිටිස් වර්ගයේ රෝග තත්ත්වයක් කියලා. එය ඔහුගේ ශරීරයේ තැන් කිහිපයක් පරීක්ෂා කර බලලා අපට වටහාගත හැකි වුණා. අපේ පාරම්පාරික වෛද්‍ය ශාස්ත්‍රයට අනුව මේ වගේ රෝග සුවපත් කිරීම පහසු දෙයක්. බටහිර වෛද්‍ය ක්‍රමයට අනුව මේ ලෙඩාට වැලඳී තිබුණේ ANKYLOSING SPONdylitis කියන ආතරයිටිස් රෝග තත්ත්වයයි. නමුත් අපේ වෙදකමට අනුව රෝගියාට තිබුණේ කොඳුඇට පෙළේ කාටිලේජ ප්‍රදාහ තත්ත්වයක්”

මෙවැනි රෝගියකු සුවපත් කිරීමට පූර්ණ කැපවීමක් කළ යුතු වෙනවා. රෝගියාව එක දිනකින් දෙකකින් සුවපත් කරන්න බැරි නිසා අපගේ රෝහලේ නේවාසිකව නවතාගෙන ඔහුට එක දිගට ප්‍රතිකාර කරන්න සිදු වුණා. ඒ ඔහු ඉතා ඉක්මනට රෝගී තත්ත්වයෙන් ගලවා ගත යුතු වූ නිසා.

තෙල්, කසාය, තැවිලි, කල්ක, ගුළිවලින්ම මේ තත්ත්වය සුව අතට ගෙන ආ හැකි යැයි ඇතැමුන් සිතුවාට ඊට වඩා යමක් මෙහි තිබුණා. බාහිර ප්‍රතිකාර වගේම ශරීරය තුළට බෙහෙත් දීලා ඒ තුළ රෝගයට ප්‍රතික්‍රියා දක්වන්නත් සැලැස්වුවා. අප මීට යොදාගත් තෙල් වර්ගයට විශාල බෙහෙත් කන්දරාවක් එක් කර ගත්තෙත් නෑ. බොහෝ විට මෙවැනි රෝගයකට ප්‍රතිකාර කරද්දි අප්‍රකට ඉතා වටිනා ඔසු හතරක් වගේ තමයි ගන්නේ. රෝගියාටත් එහෙමයි කළේ. රෝගියාට එක දිගට ප්‍රතිකාර කෙරුණා. ක්‍රමයෙන් ඔහුට පණ ආවා. ඉන්ද්‍රියයන් වැඩ කරන්න පටන් ගත්තා. හිරවී තිබුණු ස්නායු යථා තත්ත්වයට පත් වුණා. කාටිලේජවල ඉදිමුම නැති වුණා. ඔහු දැන් පූර්ණ සුව ලැබූවෙක්.

සුලක්ඛන ජයවර්ධන