ඉදිරි අනතුරු ගැන  කල් ඇතුව කියන ඉන්ඩිකේටර් පැනල් එක

0
632

ඉස්සර වාහනවල ස්ටියරින්ග් සිස්ටම් එකක් ගත්තත් ඒක සම්පූර්ණයෙන්ම මැනුවල් ඩ්‍රයිව් මිකැනිසම් එකක් තමයි තිබුණේ. පවර් ස්ටියරින්ග් එහෙම නැති නම් බල සහායක සුක්කානම් පද්ධතිය මුල් කාලයේ හයිඩ්‍රොලික්  ඔයිල් පම්ප් එකකින් වැඩ කළාට පස්සෙ කාලෙක මේකටත් ඉලෙක්ට්‍රොනික් එකතු වෙලා E.P.S එහෙම නැති නම් ඉලෙක්ට්‍රොනික පවර් ස්ටියරින්ග් බිහි වුණා. කාලානුරූපීව ස්ටියරින්ග් සිස්ටම් එකට විතරක් නෙවෙයි වාහනයක හැම පද්ධතියක් එක්කම ඉලෙක්ට්‍රොනික් එකතු වෙන්න පටන් ගත්තා.

මෙන්න මේ හේතුව නිසයි වාහනවල යම් යම් අනතුරු ඇඟවීමේ පහන් එහෙම නැති නම් warning indicator ප්‍රමාණය එන්න එන්න වැඩි වෙන්නෙ. හැම පද්ධතියකටම ඉලෙක්ට්‍රොනික එකතු වීමේ වාසි වගේම අවාසිත් සෑහෙන තියෙනවා. ප්‍රධානම වාසිය තමයි පද්ධති ක්‍රියාකාරීත්වය නිසි අයුරින්ම පවත්වා ගන්නත් රියැදුරුට ඒ වග දැනුම් දෙන්නත් පුළුවන් වීම. අවාසි තමයි පද්ධති ක්‍රියාකාරිත්වය සංකීර්ණ වීම, අලුත්වැඩියා කිරීමට කාර්මිකයන් නොමැති වීම  සහ සංකීර්ණ පද්ධති බොහෝ දුරට කාලයාගේ ඇවෑමෙන් පරිහානියට පත් වීම වගේ දේවල්.

අද අපි කතා කරන්නේ අලුත් වාහනවල එන ඉන්ඩිකේටර් ටිකක් ගැන.

1. එන්ජින් ටෙම්ප්‍රෙචර් ඉන්ඩිකේටර්

ඉස්සර වාහනවලට ආවේ ටෙම්ප්‍රෙචර් ගේජ් එකක්. පස්සේ කාලේ මේකට ඉන්ඩිකේටර් ලයිට් දෙකක් පාවිච්චි කරන්න ගත්තා. මේකේ උදේට වාහනේ නිල් පාට උෂ්ණත්ව මානයක හැඩයටත් වාහනේ ක්‍රියාකාරී උෂ්ණත්වයට වඩා ඉහළ ගියොත් රතු පාට උෂ්ණත්ව මානයකුත් මීටර් පැනල් එකේ ඉන්ඩිකේට් කරනවා. 

2. ගියර් බොක්ස් ටෙම්ප්‍රෙචර්.

වාහනයේ ගියර් බොක්ස් ඔයිල් එක ක්‍රියාකාරී උෂ්ණත්වයට වඩා ඉහළ ගිහින් කියල රියැදුරුට දැනුම් දෙන්න මේ ඉන්ඩිකේටර් එක යොදාගන්නවා. ගොඩක් වෙලාවට හොන්ඩා වෙසෙල් එකේ ඩුවල් ක්ලච් ප්‍රශ්නය ආවට පස්සේ ඔන් වෙන්නෙ මේ ඉන්ඩිකේටර් එක.

3. ඔටෝ ගියර් බොක්ස් මැල්ෆන්ශන්

ඔටෝ ගියර් බොක්ස්වල මොකක් හරි ප්‍රශ්නයක් වුණාම පද්ධතිය නිසි අයුරින් ක්‍රියාකාරී නොවේ නම් ඒ ගැන හැකි ඉක්මනට පරීක්ෂා කර ගන්න කියලා තමයි මේ ඉන්ඩිකේටර් එකෙන් කියන්නේ.

4. බේ්‍රක් පෑඩ් ඉන්ඩිකේටර්

යුරෝපීය රටවල  නිෂ්පාදනය කළ වාහනවල මේ ඉන්ඩිකේටර් එක අපිට බලාගන්න පුළුවන්. වාහනයේ බේ්‍රක් පෑඩ් ගෙවිලා කියලා තමයි මේ ඉන්ඩිකේටර් එකෙන් කියැවෙන්නේ.

5. ටයර් ප්‍රෙෂර් ඉන්ඩිකේටර්

වාහනයේ ටයර් ප්‍රෙෂර් එක අඩුවෙලා කියලා රියැදුරු දැනුවත් කරන ඉන්ඩිකේටර් එකක්.

6. මාස්ටර් වෝනින්ග් ඉන්ඩිකේටර්

හයිබි්‍රඩ් මෝටර් රථවල එන වෝනින්ග් ඉන්ඩිකේටර් එකක්. මේ ඉන්ඩිකේටර් එක එක්ක තවත් ඉන්ඩිකේටර් එකක් කෝ කිහිපයක් ඔන් වෙලා තියෙනවා නම් ඒකෙන් කියවෙන්නේ පද්ධති කිහිපයකම යම් යම් දුර්වලතා තියෙන වග. එවිට හැකි ඉක්මනට කාර්මිකයකු ලවා ඔබගේ මෝටර් රථය පරීක්ෂා කරවා ගන්න.

මාධව රුබසිංහ