ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු සුපිරි ආරම්භක පිතිකරුට සිර දඬුවම්

0
742

ඉන්දීය ක්‍රිකට් කණ්ඩායමේ හිටපු ආරම්භක පිතිකරුවෙකු වූ නව්ජොට් සිං සිධූට වසරක සිර දඬුවමක් නියම කර තිබේ.

ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් මෙම තීන්දුව දෙනු ලැබුවේ, මීට දශක කිහිපයකට පෙර එනම් 1988 වසරේදී “හිතාමතා සිදු කළ මරණයක්” සම්බන්ධයෙන් ඔහු වරදකරු බවට තීරණය කරමිනි.

1988 වසරේදී මහා මාර්ගයේදී 65 හැවිරිදි ගුර්නාම් සිං නමැත්තෙකු හිතා මතා මරණයට පත් කළ බවට ඔහුට චෝදනා එල්ල වී තිබිණි.

කෙසේ වෙතත්, ගුර්නාම් සිං ඝාතනය කළ බවට නව්ජොට් සිං සිධූට එරෙහිව පැවති අධිචෝදනා 2018 වසරේදී ඉවත් කළ ද, අදාළ නඩුව අඛණ්ඩව විභාගයට ගැනිණි.

නව්ජොට් සිං සිධූ ක්‍රිකට් පිටියෙන් විශ්‍රාම ගැනීමෙන් පසුව දේශපාලනයට පිවිසි අතර ඉන්දීය පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධූරයක් ද හිමි කර ගත්තේ ය.

පසුව ඔහු ඉන්දීය ජාතික කොංග්‍රසයේ පන්ජාබ් ප්‍රාන්තයේ ප්‍රධානියා ලෙස ද කටයුතු කළේ ය.