“ගෝඨාභය ගෙදර යන්න ඕනේ කියන ස්ථාවරය දශමයක්වත් වෙනස් වෙලා නැහැ” – හරින් (VIDEO)

0
200

ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති ධූරයෙන් ඉවත්විය යුතුයි කියන මතයේ කිසිදු වෙනසක් නොමැති බව සංචාරක හා ඉඩම් අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා පවසයි.

නව අමාත්‍ය ධූරයේ දිවුරුම් දීමෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවකදී ඔහු මේ බව පැවසීය.

ඔහු අවධාරණය කළේ, සමගි ජන බලවේගය ගොඩනැගුවේ තමන් බව ත් තමන් සමගි ජන බලවේගය අත්නොහැරිය බව ත් ය.

“හැබැයි මතක තියාගන්න, ගෝඨාභය ජනාධිපතිවරයා ගෙදර යන්න ඕනේ කියන ස්ථාවරයේ දශමයක්වත් වෙනසක් නැහැ.”