BREAKING NEWS: ආර්ථික බලවතුන්ගේ G-7 කණ්ඩායම ශ්‍රී ලංකාව ගොඩ ගැනීමට ගත්ත ඒකාබද්ධ තීරණය

0
1503

ආර්ථික බලවතුන් ලෙස සැලකෙන G-7 කණ්ඩායම ශ්‍රී ලංකාවට ණය සහන ලබා දීමේ ප්‍රයත්නයන්ට සහය දීමට තීරණය කර තිබේ.

කැනඩාව, ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය, ජපානය, එක්සත් රාජධානිය, අමෙරිකාව සහ යුරෝපා සංගමය යන රටවලින් සැදුම් ලත් G-7 කණ්ඩායමේ මුදල් අමාත්‍යවරුන් ඊයේ (මැයි – 19) ජර්මනියේ පැවති රැස්වීමකින් පසු ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව නිවේදනය කළේ ය.

මේ වන විට දැඩි ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටින ශ්‍රී ලංකාව ණය ගෙවීම් පැහැර හැරීමේ මට්ටමකට බදාදා සිට පත්වී තිබේ.

එම තත්ත්වය මෙන් ම අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟකම හේතුවෙන් රට තුළ උද්ගත වී ඇති ජනතා පීඩනය සැලකිල්ලට ගනිමින් මෙම ආර්ථික බලවතුන් ශ්‍රී ලංකාවට සහය දීමට ඉදිරිපත් වී ඇත.

ශ්‍රී ලංකාවේ ණය අර්බුදයට දීර්ඝ කාලීන විසඳුම් සෙවීම සඳහා G-7 කණ්ඩායම කැප වන බව ඔවුන්ගේ ඒකාබද්ධ නිවේදනයේ දැක්වේ.

“ශ්‍රී ලංකාවට ණය සහනයක් ලබා දීම සඳහා ක්‍රියාත්මක වීමට G-7 කණ්ඩායම සූදානමින් සිටිනවා.”