ජනාධාර වැඩිහිටි නිවාසයේ බැති ගී ප්‍රසංගය හෙට

0
53

මොරටුව ජනාධාර වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් පිනවීම උදෙසා හෙට 21දා සවස 02.00 සිට 05.00 දක්වා බැති ගී ප්‍රසංගයක් පැවැත්වේ.

සංගීත අධ්‍යක්ෂ ප්‍රදීප් බෝගහවත්තගේ සංගීතය අනුව ප්‍රවීණ සහ නවක ගායක, ගායිකාවන් විසිපස් දෙනකු පමණ බැති ගී ගායනා කරන අතර නිවේදක කුවින්ටස් වර්ණකුලසූරිය හැඳින්වීම්

කරයි.

බැති ගී ප්‍රසංගය මෙහෙයවන්නේ රුක්මණී දේවි අනුස්මරණ සංගමයේ නිර්මාතෘ මාධ්‍යවේදී හෙන්රි ප්‍රියශාන්ත මෙන්දිස් සහ එහි සභාපතිනි මංගලා පෙරේරාය.