ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයට වුණ දේ

0
499

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවති පළමු ටෙස්ට් ක්‍රිකට් තරගය බංග්ලාදේශයට වැඩි ගෞරවයක් හිමි කර දෙමින් ජය පරාජයෙන් තොරව අවසන් විය.

ශ්‍රී ලංකාව පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 397ක් රැස් කළ අතර ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 199ක් රැස් කළේ ය.

ඊට පිළිතුරු වශයෙන් බංග්ලාදේශ කණ්ඩායම ලකුණු 465ක් රැස් කිරීමට සමත් විය.

එහිදී තමීම් ඉක්බාල් සහ මුෂ්ෆිකර් රහීම් ශතක වාර්තා කළහ.

දෙවන ඉනිම වෙනුවෙන් ශ්‍රී ලංකාව කඩුලු 6ක් දැවී ලකුණු 260ක් රැස් කර සිටියදී තරගය අවසන් විය.