යම් පුද්ගලයෙකු සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්රමාණය අඩුකිරීම සඳහා පියවර ගැනීමට සාකච්ඡා ආරම්භ කර ඇතැයි ශ්රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.
ශ්රී ලංකා මහ බැංකුව අද පැවැත්වූ ප්රවෘත්ති සාකච්ඡාවේදී ඔහු ප්රකාශ කළේ, ඩොලර් හිඟයට විසඳුමක් ලෙස මෙම පියවර ගන්නා බව ය.
ඒ අනුව, සන්තකයේ තබා ගත හැකි ඩොලර් ප්රමාණය 15,000 සිට 10,000 දක්වා අඩු කිරීමට යෝජිත ය.
ඊට අමතරව, තමාට ඩොලර් ලැබුණු ක්රමවේදයන් නිසි පරිදි හෙළිකිරීමට නොහැකි පුද්ගලයින් සතු ඩොලර්, බැංකුවල තැන්පත් කිරීමට තව ත් දින දෙකකින් සති දෙකක සහන කාලයක් ප්රකාශයට පත්කරන බව ද ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පැවසීය.