අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් මොරටුව නගරාධිපති සමන් ලාල් ප්රනාන්දු, ඩෑන් ප්රියසාද් ඇතුළු සැකකරුවන් 8 දෙනා ලබන 25 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ කොටුව මහේස්ත්රාත් තිලිණ ගමගේ මහතා නියෝග කර තිබේ.
ඒ, මැයි 9 වන දා ගාලු මුවදොර අරගලයට පහර දීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සැකකරුවන් අද අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ය.
ඒ අතරින් සැකකරුවන් 4 දෙනෙකු මීළඟ දින හඳුනා ගැනීමේ පෙරෙට්ටුවක් සඳහා ඉදිරිපත් කරන ලෙස ත් ඔවුන් එදින ආවරණය කර අධිකරණට ඉදිරිපත් කරන ලෙස ත් මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් නියෝග කර ඇත.