කොළඹ කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල පසුබෑමක් ඊයේ (18දා) පෙන්නුම් කළේය.
සියලු කොටස් (ASPI) මිල දර්ශකය සහ ප්රධාන පෙළේ සමාගම් 20 නියෝජනය කරන එස්. ඇන්ඩ් පී. ශ්රී ලංකා 20 මිල දර්ශකය යන දර්ශක 2කේම ඊයේ (18දා) දින ඍණ අගයක් පෙන්නුම් කළ අතර සියලු කොටස් මිල දර්ශකය ඒකක – 40.44 කින්ද එස්. ඇන්ඩ් පී ශ්රී ලංකා 20 මිල දර්ශකය – 14.28 කින්ද පසුබෑමක් පෙන්නුම් කෙරිණි.
පෙරේදා (17දා) දින කොටස් වෙළෙඳපොළ ගනුදෙනුවල වර්ධනයක් පෙන්නුම් කළ අතර සියලු කොටස් (ASPI) මිල දර්ශකය එස් ඇන්ඩ් පී ශ්රී ලංකා 20 මිල දර්ශකය යන දර්ශක දෙකේම වාර්තාගත වර්ධනයක් පෙන්නුම් කළේය.
අමිල අබේරත්න