මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාව හමුවේ වාර්තාවක් පිහිටුවයි

0
498

බංග්ලාදේශ පිතිකරු මුෂ්ෆිකර් රහීම් ශ්‍රී ලංකාව සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව් වන දිනය වන අද වාර්තාවක් පිහිටුවීමට සමත් විය.‍

ඒ, බංග්ලාදේශය වෙනුවෙන් ටෙස්ට් ලකුණු 5000 සීමාව පසු කළ පළමු පිතිකරු බවට පත්වෙමිනි.

ඔහුට පෙර මෙම වාර්තාව ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් විසින් පිහිටුවීමට නියමිතව සිටි අතර ලකුණු 5000ට වඩා ලකුණු 19ක් අඩුවෙන් රැස් කර සිටියදී ඔහුට ශාරීරික ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වීමට සිදුවූ හෙයින් එම වාර්තාව මුෂ්ෆිකර් රහීම් පිහිටුවීය.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 5000 සීමාව පසු කළේ, ඔහු සහභාගි වූ 80 වන ටෙස්ට් තරගයේදී ය.

මීට පෙර ඔහු ශතක 7ක් සහ අර්ධ ශතක 25ක් රැස් කර තිබේ.