සැඟවී සිටි තාත්තයි පුතයි පාර්ලිමේන්තු ඇවිත්

0
629

හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (මැයි 18) පාර්ලිමේන්තුවට පැමිණ තිබේ.

එමෙන් ම, හිටපු අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ද පාර්ලමේන්තු සභා ගර්භයේ අසුන් ගෙන සිටින අයුරු දක්නට ලැබිණි.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවට පැමිණි පළමු අවස්ථාව මෙය යි.

අද (18) උදෑසන 10ට පාර්ලිමේන්තුවේ වැඩ කටයුතු කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

අග්‍රාමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමෙන් අනතුරුව ආරක්ෂක හේතු මත හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුගිය දා ත්‍රිකුණාමලය නාවික තටාකාංගණය වෙත රැගෙන ගොස් තිබිණි.

ඒ, මයිනාගෝගම සහ ගෝඨාගෝගම අරගලකරුවන්ට පහර දීම සඳහා පොහොට්ටු හිතවාදීන් පිරිසක් උසි ගැන්වූ බවට චෝදනා කරමින් ජනතාවගේ දැඩි විරෝධයක් මහින්ද රාජපක්ෂ මහතාට එල්ල වී තිබිණි.