DFCC බැංකුව LankaPay Technnovation Awards 2022 හිදී සම්මාන දෙකකින් පිදුම් ලබයි

0
46

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම වාණිජ බැංකුවක් වන DFCC බැංකුව පසුගියදා පැවැති LankaPay Technnovation Awards 2022හිදී 2020/21 මූල්‍ය වර්ෂය සඳහා සම්මාන දෙකකින් පිදුම් ලැබීය. B කාණ්ඩය යටතේ ‘වසරේ විශිෂ්ටතම Common ATM Enabler’ සම්මානය සහ ඛ් කාණ්ඩය යටතේ ‘මූල්‍ය අන්තර්කරණය සඳහා වසරේ විශිෂ්ටතම බැංකුව’ (Bank of the Year for Financial Inclusivity) සම්මානය මෙලෙස DFCC බැංකුව වෙත හිමි විය. රටේ වැඩි පිරිසක් වෙත මූල්‍ය සේවාවන් සමීප කරවීමට දරන ලද උත්සාහයන්, CEFTS, SLIPS සහ Common ATM Switch ගනුදෙනු ප්‍රවර්ධනය කිරීමට දැක්වූ දායකත්වය සහ මූල්‍ය සේවා කාණ්ඩය තුළ පෙන්නුම් කළ ඉහළ ක්‍රියාකාරීත්වය වැනි සාධක නිසා LankaPay Technnovation Awards 2022 හිදී DFCC බැංකුව වෙත මෙම සම්මාන පිරිනමන ලදී.

බැංකු සේවාවන් නොලබන ජනතාව වෙත එම සේවාවන් සමීප කරවීම සඳහා DFCC බැංකුව ගන්නා උත්සාහය සහ තම සේවාවන්ගේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සඳහා නවීන ඩිජිටල් තාක්ෂණය භාවිතයට ගැනීම සම්බන්ධයෙන් බැංකුව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය මෙම සම්මාන මඟින් මැනැවින් තහවුරු වේ. COVID-19 සම්බන්ධ සෞඛ්‍ය විධිවිධාන ආරක්ෂා වන අයුරින් සේවාවන් ලබාදීමට සහ DFCC MySpace ATM ආවරණ පරාසය පුළුල් කිරීමට බැංකුව ගත් උත්සාහයන් නිසා Common ATM Switch භාවිතය වර්ධනය වූ අතර ගනුදෙනුකරුවන්ට උපරිම පහසුවක් අත්කර දෙන DFCC Virtual Wallet, DFCC iConnect සහ DFCC Pay වැනි විසඳුම් සාර්ථක ලෙස ක්‍රියාවට නැංවීමට සමත් වීම හේතුවෙන් DFCC බැංකුව මූල්‍ය අන්තර්කරණය සම්බන්ධයෙන් වසරේ විශිෂ්ටතම බැංකුව ලෙස ඇගයීමට පාත්‍ර විය.