CDB වෙතින් වඩා යහපත් හෙට දිනක් වෙනුවෙන් හරිත පෙරළියක්

0
55

සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී (Citizens Development Business Finance PLC- CDB) සමාගම, සිය මානව සම්පත් ක්‍රියාවලි හරිත ආර්ථිකයකට ගැළපෙන ආකාරයට සම්පූර්ණයෙන්ම වැඩිදියුණු කිරීමට පියවර ගනිමින් සිටී.

රට තුළ හරිත ආර්ථිකයක් නිර්මාණය කිරීමට දායක වන අතරම, පරිසර හිතකාමීත්වය අගයන සහ එම මූලධර්ම අනුව කටයුතුකරන කාර්ය මණ්ඩලයක් නිර්මාණය කිරීම මෙහි ප්‍රධාන අරමුණයි.

මෙම අරමුණ වෙනුවෙන් විශේෂ හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපායක් ක්‍රියාවට නැංවීමට සමාගම පියවරගෙන ඇත. මේ ඔස්සේ ආයතනය සතු සම්පත් වඩාත් තිරසර ලෙස භාවිත කිරීම සහ පාරිසරික තිරසරත්වය ප්‍රවර්ධනය කිරීම සිදු කෙරේ. පුද්ගලයන්, සමාජය සහ පරිසර යන සියලුම අංශවලට දීර්ඝකාලීනව යහපත් ප්‍රතිඵල  ලබාදීමට දායක වන හරිත ශ්‍රම බළකායක් නිර්මාණය කිරීමට මෙම හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපාය ඉවහල්වනු ඇත. මෙම හරිත ක්‍රමෝපායෙහි වටිනාකම් ප්‍රායෝගිකව කියාවට නැංවීමේ කාර්යභාරය ආයතනයෙහි මානව සම්පත් අංශය වෙත පැවරී තිබේ.

 “හරිත මානව සම්පත් කළමනාකරණ වැඩසටහන් අපගේ ආයතනය තුළ ක්‍රියාවට නැංවීමට හැකිවීම අපට මහත් සතුටක්. මෙය අනාගතයේදී සිදුවන විශාල වෙනසක් සඳහා ගත් ක්‍රමානුකූල ආරම්භයක් ලෙස හැඳින්විය හැකියි. විදුලි ස්විච සඳහා සංවේදක සවි කිරීම, සමාගමේ ශාඛා තුළ සූර්ය බලශක්ති ආලෝකකරණ පද්ධති සවිකිරීම, ගමනාගමනයේදී වාහන පොදුවේ භාවිත කිරීමට කාර්ය මණ්ඩලය දිරිගැන්වීම සහ හයිබි්‍රඩ් විදුලි වාහන භාවිතයට ඔවුන් යොමුකරවීම වැනි ක්‍රමවේදයන් ඔස්සේ අනාගතයේදී 100%ක් පුනර්ජනනීය බලශක්ති භාවිතයට යොමුවීමට අප සැලසුම් කරමින් සිටිනවා. එමෙන්ම අපගේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් online තාක්ෂණය මඟින් සම්මුඛ පරීක්ෂණක්රේම හ¾දුන්වා දීමටත්, e-learning යටතේ ඉගෙනුම් ක්‍රම ක්‍රියාත්මක කිරීමටත් අප පියවර ගත්තා.” සිටිසන්ස් ඩිවලොප්මන්ට් බිස්නස් ෆිනෑන්ස් පීඑල්සී සමාගමේ විධායක අධ්‍යක්‍ෂ (ආයතනික මූල්‍ය) රොෂාන් අබේගුණවර්ධන මහතා පැවසීය.

ආයතනයට සේවක, සේවිකාවන් බඳවා ගැනීම, කාර්ය සාධන කළමනාකරණය, පුහුණු හා සංවර්ධන කටයුතු, ඇගයුම්, ප්‍රතිලාභ සහ සේවක සම්බන්ධතා යනාදී සියලුම අංශ සම්බන්ධයෙන් හරිත ආකල්ප මුල්කරගෙන කටයුතු කිරීම හරිත මානව සම්පත් කළමනාකරණ ක්‍රමෝපායෙහි එක් ප්‍රධානතම ලක්ෂණයකි. පරිසරය සුරැකීමට දායක වීමේ අරමුණින් ඉදිරි වසර 3 තුළදී කඩදාසි භාවිතය සම්පූර්ණයෙන්ම නැවැත්වීම ඉලක්ක කරගත් ක්‍රියාකාරී සැලැස්මක් ක්‍රියාවට නැංවීමටද සමාගම පියවරගෙන තිබේ. එමෙන්ම පරිසර දූෂණය, ජලය අපතේ යෑම සහ බලශක්ති භාවිතය අවම කිරීමද මෙම සැලැස්මට ඇතුළත් වනු ඇත. ඊට අමතරව කාර්යක්ෂමතාව අතින් දැවැන්ත ඉදිරි පියවරක් තබමින්, තම මෙහෙයුම් අංශය සඳහා Robotic Process Automation (RPA) භාවිත කිරීමටද සමාගම අපේක්ෂා කරයි.