2021 CLA විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී එයාර්ටෙල් සමාගමට සම්මාන ත්‍රිත්වයක්

0
49

ආසියාවේ විශිෂ්ටතම සේවා ස්ථානයක් ලෙස පිළිගැනීමට ලක් වීමත් විශිෂ්ට නායකත්ව කුසලතාවන් පෙන්නුම් කරන සමාගමක් ලෙසත් ගෞරවාදරයට ලක්ව ඇති එයාර්ටෙල් ලංකා පසුගියදා කොළඹ නායකත්ව ඇකඩමිය Colombo Leadership Academy විසින් පවත්වන ලද 2021 විශිෂ්ටතම කළමනාකරුවන්ගේ සම්මාන උළෙලේදී සමාගමේ අංශ ප්‍රධානීන් තිදෙනකු සම්මානයට පාත්‍ර විය.

ඵලදායී කළමනාකරණය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි විශේෂයෙන් අවධානය යොමු කරන ‘Lead Right’ වැනි ප්‍රමුඛ වැඩසටහන් හරහා සමාගමේ සෑම අංශයකම සිටින කළමනාකරුවන් ඵලදායී හා පරිවර්තනීය නායකයන් බවට පත් කිරීමට එයාර්ටෙල් ලංකා අරමුණු කරයි. දේශීය ආයතන සහ එයාර්ටෙල් ගෝලීය නායකත්ව ඇකඩමිය වැනි හවුල්කාරීත්වයන් සමඟ එක්ව එයාර්ටෙල් නිරන්තරයෙන් එවැනි වැඩසටහන්වල නිරත වේ.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් එයාර්ටෙල් ලංකා කළමනාකාර අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිලධාරී අශීෂ් චන්ද්‍රා මහතා පැවැසුවේ ‘‘විශිෂ්ට සේවාවක් ලබා දීමේ අපගේ ආයතනික ක්‍රියාවලිය තුළ ඉදිරියේදී ඇති විය හැකි ගැටලු අවශ්‍යතා හා වෙනස්කම් පිළිබඳව කල්තියා ක්‍රියාත්මක වන අතරතුර අපගේ කළමනාකරුවන් සහ ජේ‍යෂ්ඨ කාර්යමණ්ඩල සාමාජිකයන් අතර නායකත්වය සහ උපායමාර්ගික කුසලතාවන් වර්ධනය කිරීමටද අප උත්සාහ කරනවා. ලබාගත් මෙම ජයග්‍රහණයන් නිසැකවම උගත් සහ බහුවිධ කුසලතාවලින් යුත් නායකයන් ඇති කිරීම සඳහා අපගේ අඛණ්ඩ උත්සාහයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරනවා’’ යනුවෙනි.

මෙහිදී එයාර්ටෙල් ලංකා හි මූල්‍ය අංශයේ ව්‍යාපාර සැලසුම්කරණ හා විශ්ලේෂණ ප්‍රධානී එරන්ද සිරිවර්ධන සහ Contact Experience ප්‍රධානී ෆාවාස් නිසාම්ඩීන් ‘‘ආයතනික දැක්ම අනුව කටයුතු කිරීම’’ යන කාණ්ඩයෙන් සම්මානයට පාත්‍ර වූ අතර Channel Accounting ජේ‍යෂ්ඨ කළමනාකාර දුමින්ද අකලංක ‘‘මෙහෙයුම් ප්‍රතිඵල සහ ක්‍රියාත්මක කිරීමේ විශිෂ්ටත්වය’’ යන කාණ්ඩයෙන් සම්මානය පාත්‍රවීම කැපීපෙනිණි.

එයාර්ටෙල් ලංකාහට මෙම ජයග්‍රහණය හිමිවූයේ තෝරා ගැනීමේ වට දෙකක් යටතේ සිදු කළ සාර්ථක ඇගැයීමකින් පසුවය. එහිදී පළමු වටයේදී එක් එක් සාමාජිකයාගේ සේවා ස්ථානයේ එකට වැඩ කරන මිතුරන් සහ කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් අතර සමීක්ෂණයක් පවත්වන ලදී. දෙවැනි වටයේදී තෝරාගත් පුද්ගලයන් CLA හි විශේෂඥයන් සමඟ සම්මුඛ පරීක්ෂණවලට පෙනී සිටියේය.

මොවුන් තිදෙනා නායකත්ව ශෛලීන් කණ්ඩායම් කළමනාකරණ කුසලතා උපායමාර්ග ක්‍රියාත්මක කිරීම පෞද්ගලික සංවර්ධනය කෙරෙහි අවධානය යොමු කිරීම සහ තවත් බොහෝ අංශ සඳහා විශිෂ්ට කුසලතා පෙන්නුම් කර තිබේ.

මෙම ජයග්‍රහණය පිළිබඳ අදහස් දක්වමින් එරන්ද සිරිවර්ධන මහතා පැවැසුවේ ”එයාර්ටෙල් ලංකා හි සේවය කිරීමේදී දක්නට ලැබුණු ප්‍රධාන සිත් ඇදගන්නාසුලු සාධකයක් වූයේ ඉතා නිවැරදිව රාජකාරී පැවැරීමත් සමඟ සම්බන්ධ වී ඇති ඵලදායී උපායමාර්ගයයි. එහි කොටස්කරුවකු වීමට ලැබීම ගැන මම සතුටු වෙනවා” යනුවෙනි.