නෙස්ලේ ලංකාහි සමරිඳු සහ මිනිඳු 2022 ‘Cannes Lions Young Marketer’ තරගය ජය ගනිති

0
57

Cannes Lions International Festival of Creativity’ හිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමේ වරම්ද හිමිකර ගනිති. පසුගියදා පැවැති 2022 ‘2022 Cannes Lions Young Marketer’ තරගය ජයග්‍රහණය කිරීමට නෙස්ලේ ලංකා සමාගමේ සමරිඳු විතාරණ සහ මිනිඳු අලස් සමත් වූහ. මෙම දේශීය තරගය ජයග්‍රහණය කිරීමත් සමඟ ඔවුන් දෙදෙනා ජුනි මාසයේදී පැවැත්වෙන ‘Cannes Lions International Festival of Creativity’ හිදී ශ්‍රී ලංකාව නියෝජනය කිරීමට නියමිතය. අඛණ්ඩව 9 වැනි වසරටත්, ශ්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) සහ Metal Factor එක්ව සංවිධානය කරන ලද මෙවර තරගය සඳහා දිවයිනේ ප්‍රමුඛතම ආයතන නියෝජනය කරමින් දක්ෂ අලෙවිකරණ වෘත්තිකයන් කණ්ඩායම් 20ක් සහභාගි වූහ. මෙම කීර්තිමත් ජයග්‍රහණය නෙස්ලේ ලංකා සමාගමට හිමිවුණු තෙවැනි අවස්ථාව මෙය වීමද විශේෂත්වයකි.

“මෙම ජයග්‍රහණය අපට විශාල ප්‍රීතියක් වගේම නිහතමානී ආඩම්බරයක්. අපේ රටේ දක්ෂතම තරුණ අලෙවිකරුවන් සමඟ තරගකර ජයගැනීම සඳහා නෙස්ලේ ලංකා සමාගමෙන් අපට ලැබුණු අවස්ථා, ඉගෙනීම් සහ අත්දැකීම් බොහෝ සෙයින් ඉවහල් වුණා. ඒ වගේම, ශ්‍රී ලංකාව ගෝලීය මට්ටමින් නියෝජනය කිරීමට අවස්ථාව ලැබීම අපට ලැබුණු විශාල භාග්‍යයක්. මෙම වටිනා අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනිමින්, නෙස්ලේ ලංකා සමාගමට සහ ශ්‍රී ලංකාවට අභිමානයක් ගෙන දීමට අපි බලාපොරොත්තු වෙනවා”, යනුවෙන් සමරිඳු විතාරණ (ජේ‍යෂ්ඨ සන්නාම විධායක – කිරි ආහාර අංශය) සහ මිනිඳු අලස් (සහකාර සන්නාම කළමනාකරු – මයිලෝ කිරි පිටි) පැවැසූහ.