නිල්ගල රක්ෂිතයේ නැවත වන වගාවට  නේචර්ස් සීක්‍රට්ස් ආයතනයෙන් ඔසු පැළ

0
45

අම්පාර දිස්ත්‍රික්කයේ රඹකැන්ඔය ජලාශයේ ජල පෝෂක ප්‍රදේශය ආශ්‍රිතව පිහිටා ඇති නිල්ගල වන රක්ෂිතය යනු සිංහල රාජ වංශ කතාවේ සුප්‍රකට වෙදැදුරු ලෙසින් සැලකෙන බුද්ධදාස රජතුමන්ගේ ඔසු උයන යැයි පැවැසේ. නමුත් අද වන විට මානව වර්ගයාගේ නොමනා ක්‍රියාකාරකම් හේතුවෙන් මෙම රක්ෂිතයේ අක්කර 2000ක පමණ අති විශාල බිම් ප්‍රදේශයක් වන විනාශයට ලක්වී අවසන්ය.

රඹකැන් ඔය ආශ්‍රිතව පිහිටා ඇති පොල්ලෙබැද්ද ආදිවාසී ගම්මානයද මෙම රක්ෂිතයෙන් ඵල ප්‍රයෝජන ලබා ඇත. එම ජල පෝෂක ප්‍රදේශයට සිදුවී තිබෙන විනාශය අවම කිරීම සඳහා නැඟෙනහිර පළාත් ආණ්ඩුකාරතුමිය අනුරාධා යහම්පත් මහත්මියගේ මූලිකත්වයෙන් නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර කාර්යාලය මඟඉින් නැවත වන වගා ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර ඒ සඳහා අවශ්‍ය ඔසු පැළ 2700කට වැඩි ප්‍රමාණයක් නේචර්ස් සීක්‍රට්ස් ආයතනය විසින් ඉකුත්දා පැවැති එම ව්‍යාපෘති ඇරඹුමේදී පිරිනමන ලදී.

මෙසේ බෙදා දෙන ලද්දේ ඉතා වටිනා ඖෂධීය

ශාක සේ සැලකෙන මී, කුඹුක්, බුලු, බෙලි, කිරිපලු, මූණමල්, කරඳ, ‍ෙදාඹ, සියඹලා, කොස්, කොබෝනීල, දිවුල් සහ නාවා යන ශාක විශේෂ දහතුනකි.

මෙම සුවිශේෂී අවස්ථාවට ආදිවාසී නායක උෟරුවරිගේ වන්නිල ඇත්තෝ ද සහභාගි වූ අතර නැඟෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය, මහාචාර්ය පියල් මාරසිංහ, නැඟෙනහිර පළාත් ආයුර්වේද කොමසාරිස්තුමිය, නැඟෙනහිර පළාතේ ආයුර්වේද වෛද්‍යවරුන්, මහඔය ප්‍රාදේශීය ලේකම්තුමන්, මහඔය පොලිස් ස්ථානාධිපතිතුමන්, අවට පාසල්වල විදුහල්පතිවරුන්, ගුරුවරු සහ සිසුන්, පාසල්වල පරිසර නියමුවන්, පරිසර ක්‍රියාකාරීන් සහ අවට ගම්වාසීන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ. ඊට අමතරව ශ්‍රී ලංකා යුද හමුදාව සහ සිවිල්

ආරක්ෂක බළකායේ දායකත්වය මේ වටිනා අවස්ථාවට ලබා දුනි. මෙසේ පිරිනමන ලද ඔසු පැළ එහි පැමිණ සිටි පිරිසගේ සහභාගිත්වයෙන් රෝපණය කිරීමද සිදුවිය.

නේචර්ස් සීක්‍රට්ස් ආයතනයට වසර 20ක් සපිරීමට සමගාමීව පරිසරයේ සුරක්ෂිත බව සහ තිරසාර බව ඉහළ නැංවීමේ තවත් ව්‍යාපෘතියක් ලෙස “සිරිලක ඔසු උයනක් කරමු” යන සංකල්පය යටතේ 2020-2025 කාලය තුළ ඔෟෂධීය පැළ 100,000ක් පරිසරයට දායාද කිරීම ඉලක්ක කර ඇත. මෙම ව්‍යාපෘතියේදී දුර්ලභ සහ

ඔෟෂධීය වටිනාකමක් ඇති පැළෑටි නේචර්ස් සීක්‍රට්ස් ආයතනයේ ඔෟෂධ උයනේම රෝපණය කර ලංකාව පුරා බෙදාහැරේ. අක්කර 13කින් යුත් හොරණ මිල්ලෑවේ පිහිටා ඇති නේචර්ස් සීක්‍රට්ස් ආයතන පරිශ්‍රයේ මෙරට පෞද්ගලික අංශයේ ආයතනයක් සතු විශාලතම ඔෟෂධ උයන පිහිටා ඇති අතර එය මෙරට පිහිටි ඔසු උයන් අතරින් විශාලත්වය අතින් දෙවැනි වනුයේ රජය සතු එක් ඖෂධ උයනකට පමණි.