පාර්ලිමේන්තු භෝජනාගාරයේ අද (මැයි 17) ආහාරය සඳහා තිබුණේ බතල සහ රතු අල බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමල් චින්තක මායාදුන්න මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසීය.
එවැනි තත්ත්වයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉහළ වරප්‍රසාද ලබන බව ජනතාව සිතන බව ඔහු පැවසීය.
“මේ සමාජයේ ආකල්ප හැදිලා තියෙන්නේ, හොඳට කාලා බීල ඇඳලා පැළඳලා ඉන්නවා නම්, රටේ මිනිහෙක්ගේ දෙයක් මංකොල්ල කන්නේ නැත්නම්, රටේ මිනිහෙක්ගේ දෙයක් හොරකම් කරන්නේ නැත්නම් ඒ මිනිස්සුන්ට තියෙනවා ඉරිසියාවක්. තමුන්නාන්සේ දන්නවා මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා ලැබෙන මුදල මොකක් ද කියලා. පාර්ලිමේන්තු කැන්ටීන් එකට ගිහිල්ලා අද කෑවේ මොනවා ද? ඒකෙ තියෙන්නේ බතලයි, රතු අලයි ඕවා තියෙන්නේ. ඉතින් මේ එළියේ ඉන්න මිනිස්සු හිතනවා පාර්ලිමේන්තුවේ මහා ලොකු වරප්‍රසාදයක් ගන්නවා කියලා.”
මේ සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගෙන් විමසා සිටි අතර, ඔහු ප්‍රකාශ කළේ අද ආහාරය සඳහා සුපුරුදු පරිදි ලබා දෙන ආහාර තිබුණු බව ත් ඒ අතර බතල සහ රතු අල ද තිබුණු බව ත් ය.
පාර්ලිමේන්තු වාර්තා කටයුතුවල නිරත වන ජනමාධ්යවේදිනියකගෙන් ද අප මේ සම්බන්ධයෙන් විමසීමක් කළ අතර ඇය සඳහන් කළේ මාළු, මස්, පරිප්පු, පිපිඤ්ඤා සලාද, අල, වම්බටු මෝජු පපඩම් සහ අතුරුපස සඳහා ජෙලි, අයිස් ක්‍රීම්, කෙසෙල් සහ අන්නාසි ඔවුන්ට ආහාරය සඳහා සූදානම් කර තිබුණු බව ය.
සාමාන්‍යයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දෙන කෑම වට්ටෝරුව මාධ්‍යවේදීන් සඳහා ලබා දෙන කෑම වට්ටෝරුවට වඩා උසස් වේ.
Bloody liar.
Comments are closed.